×

ලොව ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින බවට විද්‍යාඥයින් ගෙන් අනතුරු ඇඟවීම්!

පසුගියදා සිදු කරනු ලැබූ නව අධ්‍යයනයකට අනුව ලෝකයේ ග්ලැසියර වේගයෙන් දිය වෙමින් පවතී.


ප්‍රංශයේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ වන විට පෘථිවියේ ලේඛනගත පිහිටි ග්ලැසියර් ප්‍රවාහයන් සියල්ලම තස්සේරු කරමින් මේ බව සඳහන් කරන්නට විය.

දැන් ලෝකයේ පවතින ජලයෙන් පහෙන් එකක් පමණ මෙම ග්ලැසියර් දියවී යාමෙන් ස්ථාපිතය.

මෙනිසා ගෝලීය මුහුදු මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන බව මෙම විද්‍යාඥයින් පිරිස නේචර් සඟරාවට පවසා සිටින්නට විය.

21 වන සියවසේ ආරම්භක දශක දෙක තුළ වසරකට අයිස් ටොන් බිලියන 270 ක් පමණ අහිමි වී ඇති බව මෙම පර්යේෂකයකයන් පිරිස සොයාගෙන තිබේ.

එය කවර මට්ටමකදැයි සංඛ්‍යාත්මකව ගණනය කිරිම දුෂ්කර බැවින් අල්ස්ටර් සහ ඔස්ලෝ විශ්ව විද්‍යාල වල කණ්ඩායම් සාමාජික රොබට් මැක්නාබ්, ඊට ප්‍රතිසමයක් භාවිතා කර තිබේ.

ප්‍රංශයේ ටූලූස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක රොමේන් හියුගොනෙට්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම 1999 දී දියත් කරන ලද නාසාහි ටෙරා චන්ද්‍රිකාව විසින් ලබාගත් නිරූපණයන් එහි මූලික දත්ත ප්‍රභවය ලෙස භාවිතා කර මෙම අධ්‍යයනය සිදු කර තිබේ. (බීබීසී වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි