×

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 25 ඉක්මවයි

මේ වන විට ලොව පුරා වාර්තාවන Covid 19 ආසාදිතයින් ගණන මිලියන 25 ඉක්මවා තිබේ. ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වාදෙන පරිදි මේ වන විට වෛරසය ආසාදනය වූවන් අවම වශයෙන්  25,009,250 ක් පමණ වාර්තා වී ඇත. 


මේ වන විට ලොව පුරා වාර්තාවන Covid 19 ආසාදිතයින් ගණන මිලියන 25 ඉක්මවා තිබේ. ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වාදෙන පරිදි මේ වන විට වෛරසය ආසාදනය වූවන් අවම වශයෙන්  25,009,250 ක් පමණ වාර්තා වී ඇත.

මේ අතර මරණ 842,702 ක් පමණ වාර්තා වී ඇති බවද දැක්වෙයි.

පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයේ වූහාන් වෙතින් රෝගය ව්‍යාප්තිය ඇරඹි අතර පළමු මාස තුන අවසාන වන විට ලොව පුරා ආසාදිතයින් මිලියනය ඉක්මවීය.

පසුගිය ජුනි 28 වන විට ආසාදිතයින් මිලියන 10 ඉක්මවූ අතර ගෙවුණු සති 06ක පමණ කාලය තුළ ආසාදිතයින් දෙගුණ වී ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

විශේෂයෙන් ඇමරිකාව,බ්‍රසීලය,එක්සත් රාජධානිය, ඉන්දියාව,ඉතාලිය,ස්‌පාඤ්ඤය   වැනි රටවල වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව මේ වන විට පාලනයකින් තොරව ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල වෛරසය ආසාදනය වූවන් වාර්තා වෙමින් තිබේ.

නවසීලන්තය,ජපානය, චීනය,දකුණු කොරියාව වැනි රටවල් කොරෝනා දෙවන රැල්ලටද මුහුණ දී සිටියි.

වෛරසයට එරෙහි එන්නතක් හෝ ඖෂධයක් සම්බන්ධයෙන් තවදුරටත් නිශ්චිතව ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු දක්වා නැති නමුත් රුසියාව විසින් එන්නතක් හඳුනා ගත් බවටත් මේ වන විටත් ඊට රටවල් කිහිපයකින්ම ඇනවුම් ලැබී ඇති බවත් විදෙස් වාර්තා අනාවරණ කර තිබුණි.

එමෙන්ම වසර අවසාන වන විට එන්නතක් හඳුනාගැනීමට ඉන්දියාවද උත්සහ ගනිමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි