×

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 05 ඉක්මවයි

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට හ ඳුනා ගත් කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොව පුරා සියලු රටවල් වෙත ව්‍යාප්තව තිබේ. එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් පුද්ගලයන් ප්‍රමාණය මේ වනවිට මිලියන 05 ඉක්මවා තිබේ.


චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට හ ඳුනා ගත් කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොව පුරා සියලු රටවල් වෙත ව්‍යාප්තව තිබේ. එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් පුද්ගලයන් ප්‍රමාණය මේ වනවිට මිලියන 05 ඉක්මවා තිබේ.

සමස්ත ලෝක ජනගහනයෙන් සෑම මිලියනයකින්ම පුද්ගලයන 641 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී තිබේ. සෑම මිලියනයකට පුද්ගලයන් 42 දෙනෙකු වෛරසයට බිලි වී සිය ජීවිතය අහිමි කරගෙන තිබේ.

මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5,000,280 කි. වාර්තා වන පුද්ගල මරණ ප්‍රමාණය 325,151 කි.

ආසාදිතයන් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 02 වැනිදා වන අතර එම ප්‍රමාණය දෙගුණයක් හෙවත් මිලියන 02 දක්වා ඉහළ යාම සඳහා ගත වූයේ දින 13 ක කාලයක් පමණි. තවත් දින 12 ක් ගතවන විට ආසාදිතයන මිලියන 03 ඉක්මවා ගිය අතර දින 13 කදී මිලියන 04 ඉක්මවා ගිය අතර මිලියන 05 දක්වා එම ප්‍රමාණය වැඩිවීම සඳහා ගත වී ඇත්තේ දින 12 ක කාලයක් පමණි.

මේ වනවිට වැඩිම ආසාදිතයන් ප්‍රමාණක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපද‍යෙන් වන අතර එම ප්‍රමාණය 1,570,583 කි. එය ලෝකයේ සමස්ත ආසාදිතයන්ගෙන් 30% ඉක්මවා යන ප්‍රතිශතයකි. වෛරසය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 93,533 ක් මියගොස් ඇති අතර එය ආසන්න වශයෙන් ලොවපුරා සමස්ත මරණ ප්‍රමාණයෙන් 28% ක ප්‍රතිශතයකි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් ලොවපුරා මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සුවය ලබා සිටින අතර මේ වනවිට මිලියන 2.6 ක් පමණ තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් 45,431 ක් බරපතල තත්වයේ පසු‍ වෙති.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි