×

ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 2 ඉක්මවයි.

ඊයේ දිනයේ ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගියේය. ලොව පුරා මේ වන විට සිටින ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 28කට අධික (2,897,645) ය.


20,000 ට වඩා මිය ගිය රටවල් 5ක් දැනට

ඊයේ දිනයේ ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගියේය. ලොව පුරා මේ වන විට සිටින ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 28කට අධික (2,897,645) ය.

මේ අතරින් ඊයේ දිනයේදී පමණක් ලොව පුරා මරණ 2272 ක් වාර්තා වූ අතර, ආසාදිතයන් 48,529 ක් වාර්තා විය.

මේ වන විට ලෝකයේ රටවල් සහ දේශභූමි 210කට අධික සංඛ්‍යාවකට වසංගතය පැතිරී ඇත.

වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. එම සංඛ්‍යාව ඊයේ දිනය වන විට 53780 ඉක්මවා ගියේය.

දෙවැනුවට වැඩිම බලපෑමකට නතු වූ රට වන්නේ ස්පාඤ්ඤයයි.

මේ වන විට ඇමරිකාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් 5 න්ම මරණ 20,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ.

ඊයේ දිනය වන විට එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියේය. ඒ සංඛ්‍යාවෙන් කියැවෙන්නේ රෝහල්වලදී මිය ගිය සංඛ්‍යාව (hospital deaths) පමණි. මේ අනුව වැඩිහිටි නිවාස සහ රැකබලාගන්නා නිවාසවලදී මිය ගිය ගණන් ද ඇතුළුව සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් ඉහළ වීමට පුළුවන.

මේ අතර ප්‍රංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට ‘කෙයා හෝම්ස්‘ හෙවත් වියපත් පුද්ගලයන් රැක බලාගන්නා ස්ථානවලදී සිදුවූ මරණ සංඛ්‍යාවන් ද ඇතුළත් ය. ඊයේ දිනයේ ප්‍රංශයේ 369 දෙනෙකු මරණයට පත් ව ඇති අතර, මේ අනුව ප්‍රංශයේ මුළු මරණ සංඛ්‍යාව 22,614 දක්වා ඉහළ යයි.

අද පටන් ඇමරිකාවේ කොවිඩ්-19 පරීක්ෂණය ෆාමසිවලටත්

අද පටන් ඇමරිකාවේ කොවිඩ්-19 පරීක්ෂණය ෆාමසිවල ද සිදුකෙරෙන බව නිව්යෝක් ජනපද ආණ්ඩුකාර ඇන්ඩෘෘ කුස්මෝ පවසයි. මේ වන විට ඇමරිකාවේ සිදුව ඇති 53,000 ක මරණ ගණන අතරින් වැඩිම මරණ ගණනක්, එනම් මරණ 16,000 ක් වාර්තා වන්නේ නිව්යෝක් ජනපදයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි