×

ලොව බල සම්පන්නම රාජ්‍යයන් නම් කෙරේ

ලොව බලසම්පන්ම රාජ්‍ය ලෙස දර්ශකයේ ඉහලින්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.


ලෝකයේ බලසම්පන්නම හමුදාව හිමි රට කුමක්ද? ග්ලෝබල් ෆයර් පවර් (https://www.globalfirepower.com/countries-listing.asp) විසින් 2018 වසරේ ලොව වඩාත් බල සම්පන්නම හමුදාව හිමි සහ ඒඑ රටවල් හමුදාමය වියදම්, ඔවුන්ට හිමි ප්‍රහාරක අවිගණන ඔවුන්ගේ හමුදා නිළධාරීන් ප්‍රමාණය හා ආරක්ෂක ශ්‍රම බලකායේ ප්‍රමාණය, ආදී සාධක මුල් කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

10 Most Powerful Militaries

ඒ අනුව ලොව බලසම්පන්ම රාජ්‍ය ලෙස දර්ශකයේ ඉහලින්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් හී ඇමරිකානු හමුදාම යක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ භාවිතයන් හා ශක්තිය මෙහිදී ඔවුන්ගේ ශක්තිය ඉහළ යෑමේ වැදත් සාධකයක් වන්නට ඇත. අයි එස් අයි එස් සංවිධානයට විරුද්ධව ඇමරිකානු ක්‍රිියාමාර්ගද ඇතුළුව ඔවුන් මේ වන විට සිය ආරක්ෂක අංශ තුළ රැස් කරමින් සිටින හමුදමය ශක්තිය මෙන්ම සිය රාජ්‍යයේ ආරක්ෂාව සඳහා සිදු කරමින් සිටින වියදමඅති විශාලය.

බල දර්ශකය     0.0857
වාර්ෂික ආරක්ෂක වියදම ඇමරිකානු ඩොලර් 587,800,000,000
ආරක්ෂක හමුදා නිළධාරීන් සංඛ්‍යාව 1,373,650
ආරක්ෂක ශ්‍රම බලකාය 158,600,000
හමදාව සතු අහස් යානා 13.762
යුධ නෞකා සංඛ්‍යාව 415

බලසම්පන්ම රාජ්‍ය තේරිමේ බල දර්ෂකයේ දෙවන ස්ථානය හිමි වන්නේ රුසියාවටයි.

10 Most Powerful Militaries
රුසියාව ඉතා දියුණු අවි භාවිත කරන රටවලින් ඉහළම ස්ථානයේ සිටින අතර තම අසල් වැසි රට වන යුක්රේණයට එරෙහිව යුද්ධයේදී සහ ආයු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ද ක්‍රියාශීලීම රටකි. ලොව හොඳම පුහුණු හමුදාව සිටින රට වන රුසියාව ඔවුන් ලෝකයේ දෙවන බලවත්ම රට ලෙස පත්වී ඇත.

බල දර්ශකය 0.0929
ආරක්ෂක වියදම ඇමරිකානු ඩොලර් 44,600,000,000
ආරක්ෂක හමුදා නිළධාරීන් සංඛ්‍යාව 798,527
ආරක්ශක ශ්‍රම බලකාය 77,410,000
ආරක්ෂක ගුවන් යානා ප්‍රමාණය 3794
යුධ නෞකා සංඛ්‍යාව 352

තෙවැනිවට සිටින්නේ චීනයයි. ලෙව තෙවැනියට බල සම්පන්නම හමුදාව සිටින රට ලෙස නව තාක්ෂණ ය මෙන්ම උපාය මාර්ග පිලිබඳව සැළකිලිමත් වේ. ඔවුන්ගේ ශක්තිය

10 Most Powerful Militaries
බල දර්ශකය 0.0945
ආරක්ෂක වියදම ඇමරිකානු ඩොලර් 161,500,000,000
ආරක්ෂක හමුදා නිළධාරීන් සංඛ්‍යාව 2,262,000
ආරක්ෂක ශ්‍රම බලකාය 2.260,000
ආරක්ෂක ගුවන් යානා ප්‍රමාණය 2,955
යුධ නෞකා සංඛ්‍යාව 714

ලොව බලසම්පන්නම රාජ්‍ය බල දර්ශකයේ හතර වන සිථානයේ සිටින්නේ ඉන්දියාවයි. ඒත් සමග පිළිවලින් ප්‍රංශය , එංගලන්තය, ජපානය, තුර්කිය, ජර්මනිය හා තුර්කිය බලවත්ම රාජ්‍යය දහ දෙනා අතරේ සිටිති.

ලොව සය වැනියට විශාලම හමුදාව සිටින පාකිස්ථානය මෙම දරුශකයේ සිටින්නේ 13 වන ස්ථානයේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි