×

ලොව විශාලතම කොවිඩ් 19 එන්නත්කරණය සඳහා ඉන්දියාව සූදානමින්!

ඉන්දියාව තුළ කොරෝනා වෛරසයට එරෙහි එන්නත් භාවිතාව සඳහා එරට ඖෂධ නියමනයෙන් අද (01) අවසර ලැබෙනු ඇති බවට විශ්වාසය පළකර තිබේ.


ඉන්දියාව තුළ කොරෝනා වෛරසයට එරෙහි එන්නත් භාවිතාව සඳහා එරට ඖෂධ නියමනයෙන් අද (01) අවසර ලැබෙනු ඇති බවට විශ්වාසය පළකර තිබේ.

ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් වෛද්‍ය වී.ජී. සුමානි මහතා පවසා තිබෙන්නේ එන්නත් විශේෂඥයින්, බෝ වන රෝග විශේෂඥයින් සහ එන්නත් නිපදවන සමගම සමඟ සාකච්ජා කර ඒ සඳහා සූදානමකින් පසුවන බවයි.

ඒ අනුව එම සහභාගීත්වය සුභ නව වසරක බලාපොරොත්තුවක් විය හැකි බවද වෛද්‍ය සුමානි මහතා කියා ඇත.

මේ වන විට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂයින් විසින් නිපදවන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා මුලින් අනුමතිය හිමිවනු ඇති බව සඳහන්.

එමෙන්ම ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත භාවිතා කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ඇති අයදුම් පතද සලකා බැලීමට නියමිත බවයිඑරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන්දියාව ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සූදානමින් පසුවෙයි.

කොවිඩ් 19 වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත් වූ රටක් ලෙස ඉන්දියාව දකගැනීමට හැකි වූ අතර එය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී යන ආකාරයද දකින්නට තිබුණි.

කෙසේවෙතත් ඉන්දියාව තුළද එන්නත්කරණය ගැන විවිධ කටකතා ප්‍රචාරය වෙමින් තිබෙන අතර අගමැති නරේන්ද්‍ර මෝදී සිය ජනතාවගෙන ඉල්ලා ඇත්තේ කොවිඩ් 19 නමැති නොදන්නා සතුරා සමඟ වන සටනේදී වගකිව යුතු ලෙස හැසිරෙන ලෙසයි.

වගකීම් විරහිතව මෙහිදී සමාජ මාධ්‍ය භාවිතා නොකරන ලෙසද අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි