×

ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා කාම්බෝජයෙන්

ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මිරිදිය මත්ස්‍යයා කාම්බෝජයේ මීකොං ගඟෙන් හමුවී ඇති බව CNN වාර්තා කරයි. මෙම මත්ස්‍යයා stingray වර්ගයට අයත් වන අතර ප්‍රමාණයෙන් රාත්තල් 660 (300KG) පමණ බර වේ. මත්සයාගේ ඇඟේ තිබූ බල්බ හැඩය නිසාවෙන් විද්‍යාඥයන් මොහුව නම් කර ඇත්තේ ”පුර සඳ” (Boramy) යන අර්ථයෙනි. මොහුගේ චලනයන් හා හැසිරීම් අධ්‍යයනයෙන් පසු නැවත ජලයට […]


ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මිරිදිය මත්ස්‍යයා කාම්බෝජයේ මීකොං ගඟෙන් හමුවී ඇති බව CNN වාර්තා කරයි.

මෙම මත්ස්‍යයා stingray වර්ගයට අයත් වන අතර ප්‍රමාණයෙන් රාත්තල් 660 (300KG) පමණ බර වේ. මත්සයාගේ ඇඟේ තිබූ බල්බ හැඩය නිසාවෙන් විද්‍යාඥයන් මොහුව නම් කර ඇත්තේ ”පුර සඳ” (Boramy) යන අර්ථයෙනි. මොහුගේ චලනයන් හා හැසිරීම් අධ්‍යයනයෙන් පසු නැවත ජලයට මුදා හැර තිබේ.

මිරිදිය මත්ස්‍යයන් යනු තම මුළු ජීවිතයම මිරිදිය තුළ ගත කරන අය ලෙස හෝ බෙලූගා ස්ටර්ජන් වැනි නැවුම් සහ ලුණු වතුර අතර සංක්‍රමණය වන මසුන් ලෙස අර්ථ දැක්වේ. ඔවුන්ගේ ස්වභාවය බ්ලූෆින් ටූනා සහ මාර්ලින් වැනි යෝධ සාගර විශේෂවලට වඩා වෙනස්ය. ගෝලීය වශයෙන් මිරිදිය මසුන් වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර ඔවුන් ස්වභාවිකව වර්ධනය වීමට විශාල කාලයක් ගත වේ. 

ජාතික භූගෝලීය නාලිකාවේ “Monster Fish” ප්‍රදර්ශනයේ හිටපු සත්කාරක ජීව විද්‍යාඥ Zeb Hogan විසින් ප්‍රකාශ කර තිබුණේ “එය ද උද්වේගකර පුවතකි. මක්නිසාද යත්, මෙම මීකොං දිග තවමත් නිරෝගී බව එයින් අදහස් වන බැවිනි. මෙම දැවැන්ත මසුන් තවමත් (මෙහි) ජීවත් වන බව බලාපොරොත්තුවේ ලකුණකි.” ලෙසයි.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි