×

ලොස් ඇන්ජලීස්හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මෙවැනි අනතුරු ඇඟවීම් දිගින් දිගටම සිදු වීමත් සමඟ නව තුවක්කු ප්‍රවේශය පිළිබඳ නීති සම්පාදනයක අවශ්‍යතාවය පිළිබඳව විවාදය අලුත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ලොස් ඇන්ජලීස් හි සැන් පේද්‍රෝ නගරයේ පෙක් උද්‍යානයේ ඊයේ දිනයේ පස්වරු 3.50ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇත් බව ලොස් ඇන්ජලීස්හි ආරක්ෂක නිලධාරීන් විසින් නිවේදනය කර තිබේ.
තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් රෝහල් වෙත යොමු කර ඇති අතර ඉන් සමහර දෙනෙකුගේ තත්වය බරපතල බවද  පැවසේ. මෝටර් රථ සංදර්ශනයක දී හෝ ඒ ආසන්නයේ දී වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තබන ලද පුද්ගලයා පිළිබඳව විමර්ශන කටයුතු සිදු වෙමින් පවතියි.

හයිලන්ඩ් පාර්ක්, ඉලිනොයිස්, උවාල්ඩේ, ටෙක්සාස් සහ නිව් යෝර්ක්හි බෆලෝ යන ප්‍රදේශවල පසුගිය දා සිදු වූ සමූහ වෙඩි තැබීම්වලින් පසුව, මෙම ග්‍රීෂ්ම ඍතුවේදී එක්සත් ජනපදයට එල්ල වූ නවතම වෙඩි තැබීම මෙයයි. මෙවැනි අනතුරු ඇඟවීම් දිගින් දිගටම සිදු වීමත් සමඟ නව තුවක්කු ප්‍රවේශය පිළිබඳ නීති සම්පාදනයක අවශ්‍යතාවය පිළිබඳව විවාදය අලුත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි