×

ලෝකයක් වසඟ කළ සරාගිනිය; මැරිලින් මොන්රෝ

ඇය 1950 සහ 60 ගණන්වල නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් සහ පොප් සංස්කෘතික නිරූපිකාවක් ලෙස ජනාදරයට පත් විය. ඇය  බොලිවුඩයම අමන්දානන්දයට පත් නළ ජනකාන්ත නිරූපිකාවක් වූවා පමණක් නොව වැඩිම මුදලක් අය කළ සාර්ථක රංගන ශිල්පිනියක්ද විය.


වසර හැටකට පෙර අද වැනි දවසක හොලිවුඩයම මුසපත් කළ සරාගී මැරිලින් මොන්රෝගේ වියෝව සිදු විය. විෂ ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූ සිය දිවි හානි කරගැනීමක් ලෙස පැවසුනද , මෙය විසි වෙනි සියවස කැළඹූ , අදටත් ප්‍රශ්නයක් ඉතිරි කළ අභිරහස් මරණයක් විය.


1926 ජූනි 1 වන දින නෝර්මා ජීන් මෝර්ටෙන්සන් ලෙස උපත ලැබූ ඇය 1950 සහ 60 ගණන්වල නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් සහ පොප් සංස්කෘතික නිරූපිකාවක් ලෙස ජනාදරයට පත් විය. ඇය  බොලිවුඩයම අමන්දානන්දයට පත් නළ ජනකාන්ත නිරූපිකාවක් වූවා පමණක් නොව වැඩිම මුදලක් අය කළ සාර්ථක රංගන ශිල්පිනියක්ද විය. Some Like it Hot සහ Gentlemen Prefer Blondes ඇතුළු චිත්‍රපට 30ක පමණ රංගනයෙන් දායක විය. ඒවායින් බොහෝමයක් අතිශය ජනප්‍රිය විය.

ඇගේ සුන්දරත්වය හේතුවෙන් ඇයට විවාහ යෝජනාවන්ගෙන්ද අඩුවක් නොවීය. ඇය අසාර්ථක විවාහ තුනකින්ම විඩාවට පත්විය. ඒනමුත් ඇයට පැවැති ඉල්ලුම අඩු නොවීය. ඇය වයස අවුරුදු 36ක් පමණ වන විට එනම් 1962 වසරේ අගෝස්තු 05 දින ලැබූ ජනප්‍රියතාව තුළ පැවැති හුදකලාව දරා ගැනීමට නොහැකි වූ තැන ජීවිතය අතැර යන්නට විය.


සිය ස්වාමිදුවගේ කුටියෙන් කිසිදු ශබ්ධයක් නොවීම හේතුවෙන් ගෘහ පාලිකාව විසින් මැරිලින්ගේ මානසික වෛද්‍යවරයා කැඳවූ අතර ඔහු විසින් ඇයගේ මරණය තහවුරු කරනු ලැබීය. මැරිලින් මොන්රෝ සිය දිවිය අතැර ගියේ ද , එසේත් නැතිනම් ඇයව ඝාතනයකට ලක් විණි ද යන්න අදටත් නොවිසුඳුන පැනයකි. ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි සමග තිබූ සබඳතාව නිසාම ඇයව ඝාතනය කරන්නට සී.අයි.ඒ සංවිධානය කටයුතු කළ බව මේ සම්බන්ධයෙන් ජනප්‍රිය මතයකි.

කෙසේ වුවද ඇයගේ මරණයෙන් බොහෝ කලකට පසුව වුවත් මේ වන ඇගේ පෞද්ගලික ජීවිතය ඒ වෙනුවෙන් දිගින් දිගටම සිරස්තල මවමින් තිබේ. මේ හේතුව නිසාවෙන්ම මැරිලින්ගේ ජීවිත කතාව පාදකව ජොයිස් කැරොල් ඕට්ස්ගේ නවකතාවක් පාදක කරගත් බ්ලොන්ඩ් චිත්‍රපටය සැප්තැම්බර් 28 වන දින Netflix විසින් නිකුත් කිරීමට සැළසුම් කර තිබේ. එය ඇගේ රසිකයන්ට සුභාරංචියක් වනු ඇත.

‘මා මෙලොව කිසිවෙකුටත් හිමිවන්නේ නැත. මන්ද යත් මා මේ ලෝකයටම හිමි බැවිනි’ යනුවෙන් මැරිලින් දැඩිව විශ්වාස කරන්නට විය. එය සැබෑවක් බව හැඟෙනනේ, ඇගේ මරණයෙන් වසර 60 කට පසුවත් ඈ පිළිබඳ උමතුව කිසිදු අඩුවක් නොවීම හේතුවෙනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි