×

ලෝකයම සාගතයකට යන ලකුණු

සුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර නිසා වසරකට මිය යන සංඛ්‍යාව මිලියන 11 කි.


COVID-19 වසංගතය හේතුවෙන් 2020 හි ලෝක සාගින්න මට්ටම ඉහළ යාමට සාපේක්ෂව යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස සමඟ දැන් සාගින්න ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතන පවසයි. බදාදා(06) වන දින එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වාර්තාවේ 2022 සංස්කරණයට අනුව පසුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ.

ලෝක ආහාර වැඩසටහනෙහි (WFP) විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි පැවසුවේ යුක්රේන යුද්ධයෙන් පැන නගින ආහාර, ඉන්ධන සහ පොහොරවල මිල ඉහළ යාම රටවල් සාගතයකට තල්ලු කිරීමේ තර්ජනයක් ඇති හෙයින් “ඉදිරි මාස කිහිපය තුළ මෙම සංඛ්‍යා තවත් ඉහළ යාමේ සැබෑ අනතුරක් තිබේ, ප්‍රතිඵලය වනු ඇත්තේ ගෝලීය අස්ථාවරත්වය, කුසගින්න සහ පෙර නොවූ විරූ පරිමාණයෙන් මහා සංක්‍රමණය වීමයි. ඉදිරියේදී ඇතිවී තිබෙන මේ ව්‍යසනය වළක්වන්න අපි අදම ක්‍රියා කළ යුතුයි,” යනුවෙනි.

රුසියාව ලෝකයේ තුන්වන විශාලතම ධාන්‍ය අපනයන කරුවා වන අතර ප්‍රධාන ඉන්ධන සහ පොහොර ද අපනයනකරුවෙකි. යුක්රේනය ලොව සිව්වනියට විශාලතම ධාන්‍ය අපනයනකරුවා වේ. දෙරට අතර පවතින යුද්ධය ඔවුන්ගේ අපනයන කඩා කප්පල් කර ලෝක ආහාර මිල වාර්තාගත ලෙස ඉහළට ඇද දමා තිබේ.

ස්ත්‍රී පුරුෂ භේදය සහ ආහාර අනාරක්ෂිත බව, ගැටුම්, දේශගුණික ආන්තික, ආර්ථික කම්පන සහ අසමානතාවයන් උත්සන්න වෙමින් පවතින බැවින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා ගැටලු ඇතිවෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. මේ තත්වය ඇස්තමේන්තු කරන්නේ නම් 2020 දී ගෝලීය වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 22 ක් කුරු භාවයට ලක්ව ඇති අතර ආහාර අපතේයාම හේතුවෙන් සියයට 6.7 ක් හෝ මිලියන 45 ක් මාරාන්තික මන්දපෝෂණ තත්වයට පත්ව තිබේ. මරණ අවදානම 12 ගුණයකින් වැඩි කර ඇති අතර .”2021 දී ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට 31.9 ක් පිරිමින්ගෙන් සියයට 27.6 ට සාපේක්ෂව මධ්‍යස්ථ හෝ දැඩි ලෙස ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දී සිටියි.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර නිසා වසරකට මිය යන සංඛ්‍යාව මිලියන 11 කි.

ආහාර මිල ඉහළ යාමෙන් අදහස් වන්නේ මෙය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි, WHO අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සඳහා බදු පැනවීම, සෞඛ්‍ය සම්පන්න විකල්ප සඳහා සහනාධාර දීම, හානිකර අලෙවිකරණයෙන් දරුවන් ආරක්ෂා කිරීම සහ පැහැදිලි පෝෂණ ලේබල සහතික කිරීම හරහා ආහාර පද්ධති වැඩිදියුණු කිරීමට රටවල් දරන ප්‍රයත්නයන්ට WHO සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ. ඒමෙන් ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ලබා ගැනීමේ හැකියාව සහ දැරිය හැකි මිල ගණන් යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයන් ඔවුන්ගේ පවතින පොදු අයවැය නැවත වෙන් කරන්නේ කෙසේද යන්න සිතා බැලීමට පටන් ගත යුත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි