×

ලෝකයේ බාගයක් සීතලෙන් ගල් වෙලා!

මේ වනවිට ලෝකයෙන් භාගයකට ශීත සෘතුව. දක්ෂිණාර්ධගෝලයේ රටවල් තවමත් දැඩි හිරු රැසින් පිච්චෙද්දි, උත්තරාර්ධගෝලය සැලකිය යුතු අන්දමින් සීතලෙන් බැට කමින් තිබෙනවා.


මේ, උතුරු අර්ධගෝලය සීතලෙන් ගල් ගැසී තිබෙන ආකාරයයි.

මේ වන විට කැනඩාවේ ඔටාවා නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -15 සිට -11 අතර ප්‍රමාණයක්.

© Chris Wattie/Reuters
© Chris Wattie/Reuters

මේ අතරවාරයේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරය සෙල්සියස් අංශක -5 සිට – 3 තරම් ශීතල වෙලා.

© Creative Touch Imaging Ltd./NurPhoto via Getty Images
© Creative Touch Imaging Ltd./NurPhoto via Getty Images

එංගලන්තයේ ලන්ඩන් අගනුවර දළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 ක් දක්වා පහළ බැහැලා…

© Vickie Flores/In Pictures via Getty Images
© Vickie Flores/In Pictures via Getty Images

එංගලන්තයේ බර්මින්හැම් නුවරත් තත්වය එසේමයි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 සිට 3 අතර අගයක්.

© Mike Kemp/In PIctures via Getty Images
© Mike Kemp/In PIctures via Getty Images

ඇමරිකාවේ වොෂින්ටන් DC හි උෂ්ණත්වය සෙල්සියස් අංශක -2 සිට 0 දක්වා පහළ බැහැලා..

© Andrew Caballero-Reynolds/AFP/Getty Images
© Andrew Caballero-Reynolds/AFP/Getty Images

ඇමරිකාවේ නිව්යෝක් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 සිට 4 දක්වා අගයක්

© Andrew Caballero-Reynolds/AFP/Getty Images
© Kena Betancur/AFP/Getty Images

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -13ක්. මේ කොලරාඩෝ ජනපදයේ කඳුකරබද ඇස්පන් නගරයයි.

© Visions of America/UIG via Getty Images

© Visions of America/UIG via Getty Images

රුසියාවේ මොස්කව් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක -10 සිට -8 දක්වා අගයක් ගෙන තිබෙනවා.

© Sefa Karacan/Anadolu Agency/Getty Images
© Sefa Karacan/Anadolu Agency/Getty Images

ශීත ඔලිම්පික් උළෙල පැවැත්වූ රුසියාවේ සොචී නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 සිට 4 දක්වා අගයක්.

© Vladimir Smirnov/TASS via Getty Images
© Vladimir Smirnov/TASS via Getty Images

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර උෂ්ණත්වය අතිශයින්ම පහළ වැටිලා. සාමාන්‍ය උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක -9 සිට -7 දක්වා අගයක්.

© Peter Kovalev/TASS via Getty Images
© Peter Kovalev/TASS via Getty Images

මේ ජර්මනියේ මියුනික් (මියුනිච්) නගරයයි. ශීත සෘතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -4 සිට -2 අතර අගයක්.

© Sven Hoppe/AFP/Getty Images
© Sven Hoppe/AFP/Getty Images

ජර්මනියේ අති සුන්දර Garmisch-Partenkirchen ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -5 සිට -4 දක්වා පහළ බැස තිබෙනවා.

© Angelika Warmuth/AFP/Getty Images

© Angelika Warmuth/AFP/Getty Images

ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය සම්පූර්ණයෙන්ම පාහේ අයිස් බවට පත්වෙමින් තිබෙනවා. එහි ශීත සෘතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -1 සිට -10 අතර වනවා.

© Denis Balibouse/Reuters
© Denis Balibouse/Reuters

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර ශීතල මේ වන විට සෙල්සියස් අංශක -7 සිට -5 අතර ප්‍රමාණයක්.

© Hannah McKay/Reuters
© Hannah McKay/Reuters

ජපානයේ තෝකියෝ අගනුවර උෂ්ණත්වයත් සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා. මේ වන විට එය සෙල්සියස් අංශක 2 සිට 4 දක්වා අගයක්.

© Kazuhiro Nogi/AFP/Getty Images
© Kazuhiro Nogi/AFP/Getty Images

ජපානයේ හොකයිඩෝ දූපතයි, මේ. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක -7 සිට -4 දක්වා අගයක්.

© Prisma by Dukas/UIG via Getty Images
© Prisma by Dukas/UIG via Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි