×

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් : අධිකරණ නියෝගයකින් නිල දත්ත නැවත පරීක්ෂා කළ විට මරණ 6148 ක් වාර්තා වෙලා!

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා විය.


ඊයේ හෙවත් ජූනි 10 වැනිදා ඉන්දියාවේ දෛනික කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවීය. 6148 ක් ලෙස වාර්තා වූ මෙම මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබීම ද විශේෂත්වයකි. මේ සමගම ඉන්දියාවේ සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 359676 ඉක්මවා ගියේය. මෙය ලෝකයේ 3 වැනියට වැඩිම වසංගත මරණ සංඛ්‍යාව ද වේ.

මෙම හෙළිදරව්ව සිදුවන්නේ බිහාර් ප්‍රාන්තය විසින් කෝවිඩ් මරණ පිළිබඳ දත්ත නැවත සමාලෝනයට කිරීමත් සමග වීම ද විශේෂත්වයකි.

බිහාර් ප්‍රාන්තය ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්ත අතරින් එකකි. එහි දෛනික මරණ සංඛ්‍යාව 4000 සිට 9500 දක්වා ඇතැම් දිනවලදී වාර්තා වන බව ද මේ අනුව හෙළි වෙයි.

මෙම දත්ත සමාලෝචනයේදී සිදුකර තිබුණේ නිවෙස්වල සහ පුද්ගලික රෝහල්වල මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් රජයේ නිල දත්තවලට එකතු කිරීමයි. එවිට පෙනී ගියේ එතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා ඇතැම් දිනවල මරණ සංඛ්‍යාව 72%කින් පමණ ඉහළ යන බව ය.

අධිකරණ නියෝගයක්

බිහාර් ප්‍රාන්තයේ පැට්නා මහාධිකරණය, මෙම සමාලෝචනය සිදුකරන ලෙස නියම නොකළේ නම් මේ බව හෙළිදරව් නොවීමට ද ඉඩ තිබිණි. ප්‍රාන්ත ආණ්ඩුව බිහාරයේ සැබෑ කෝවිඩ් මරණ ගණන දිගින් දිගටම සඟවන බවට චෝදනා නැගුණු පසුව අධිකරණය මැදිහත් වී නිල සංඛ්‍යා ලේඛන පිළිබඳ විගණනයක් කරන ලෙස නියම කළේය.

ඉන්දියාවෙන් වරක් වාර්තා වූයේ, සිය ගණන් මිනී කඳු නොගැඹුරු වළවල්වල සහ ගංගාවල ගිල්වූ ප්‍රාන්තවලත් නිල දෛනික මරණ සංඛ්‍යාව ඉතා අඩු අගයක් බවට පත් ව තිබූ බව ය.

කෙසේ හෝ, අවසාන පැය 24 තුළ ඉන්දියාවේ නිල ආසාදිතයන්ගේ සංඛ්‍යාව 94,000 කින් ඉහළ ගොස් තිබිණි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද මිලියන 29.2 දක්වා ඉහළ ගියේය.

කෙසේ නමුත් විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ සත්‍ය සංඛ්‍යා ලේඛන හෙළිදරව් වුවහොත්, මෙම කෝවිඩ් තත්වය ලෝකයට පෙනෙන තත්වයට වඩා කිහිප ගුණයකින් දරුණු බව පෙනී යා හැකිය කියා ය.

ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ප්‍රාන්ත ආණ්ඩු සහ මධ්‍යම ආණ්ඩුව විසින් සැබෑ කෝවිඩ් තත්වය වසං කරන බවට ද මතයක් තිබේ.

MainPhoto:  REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි