×

ලෝක ජනගහනයෙන් 37% ක් කිසි විටෙකත් අන්තර්ජාලය භාවිතා කර නොමැත!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවකට අනුව බිලියන 3 කට ආසන්න ජනතාවක් එනම් ලෝක ජනගහනයෙන් 37% ක් කිසි විටෙකත් අන්තර්ජාලය භාවිතා කර නොමැත.


 

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (UN International Telecommunication Union – ITU) සිදු කල අධ්‍යයනයකට අනුව තහවුරු කර ඇත්තේ අන්තර්ජාලයට ප්‍රවේශ වී නොමැති බිලියන 2.9 ක ජනතාවගෙන් 96% ක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන බවයි.එම සංගමය පැවසුවේ 2019 වසරේ බිලියන 4.1ක් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වසරේ බිලියන 4.9 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය බොහෝවිට කොවිඩ් තත්වය සමග සිදු වූවක් බවයි. නමුත් එම අන්තර්ජාල භාවිතා කරන්නන් අතර පවා, මිලියන සියගණනක් අන්තර්ජාලයට පිවිසිය හැකි වේග සීමා ප්‍රවේශ දැඩි ලෙස සිමා කාරි තත්වයන්ට පත්ව ඇත.

“ඉතිරි බිලියන 2.9 කෙසේ හෝ අන්තර්ජාලය සමගින් සම්බන්ධ කිරීම සඳහා ආකෘතිමය තත්වයක් ගොඩ නගන බව“ ITU හි මහලේකම් Houlin Zhao පැවසයි.Covid අර්බුදයේ පළමු වසර තුළ ගෝලීය වශයෙන් අන්තර්ජාල පරිශීලකයින් සංඛ්‍යාව 10% ට වඩා වැඩි විය. දශකයක සිදු වු විශාලතම වාර්ෂික වැඩිවීම එයයි. දේශසීමා අගුලු දැමීම්, පාසල් වැසීම සහ දුරස්ථ බැංකු සේවා වෙත ප්‍රවේශ වීමේ අවශ්‍යතාවය වැනි ක්‍රියාමාර්ග ඊට බලපෑමක් ඇති කල බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

නමුත් මෙම වර්ධනය අසමානතාවක් පෙන්නුම් කරයි. දුගී රටවල අන්තර්ජාල ප්‍රවේශය බොහෝ විට සිමා කාරි වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල අන්තර්ජාල ප්‍රව්ශය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරය වැඩි වශයෙන් ඉස්මතු වන අතර, වයස්ගත වැඩිහිටියන්, කාන්තාවන් සහ ග්‍රාමීය ප්‍රදේශවාසීන් තවමත් ඉහළ ප්‍රවේශයක් පෙන්වා නොමැත.

නමුත් එම රටවල තරුණයින්, පිරිමින් සහ නාගරික වැසියන් අන්තර්ජාලය භාවිතා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබේ.දරිද්‍රතාවය, නූගත්කම, සීමිත විදුලි ප්‍රවේශය සහ ඩිජිටල් තාක්ෂණික කුසලතා නොමැතිකම ම අභියෝග වශයෙන් ITU හඳුනාගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි