×

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ස්වයං නිරෝධානයට

කෝවිඩ්-19 පොසිටිව් වූ අයෙකු සමග භෞතිකව මුණ ගැසී ඇති බව හෙළිවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් අද්හානම් ගේබ්‍රිසියස් ස්වයං නිරෝධායනයට පත් ව සිටියි.


ඔහු මේ බව හෙළි කළේ ඊයේ සවස ට්විටර් සටහනක් තැබීම මගිනි.

තමන්ට රෝග ලක්ෂණ නොමැති බවත්, නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැළෙන බවත් ඔහු මෙහිදී පවසයි.

කෝවිඩ්-19 ගෝලීය වසංගතය මර්දනය කිරීමේ සටනේ පෙරමුණ ගත් අයෙක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා හැඳින්වේ.

මේ වන විට ගෝලීය කෝවිඩ් මරණ ගණන මිලියන 1.2 ක් හෙවත් ලක්ෂ 12 ක් බවට පත් ව ඇති අතර, ලෝක ජනගහනයෙන් මිලියන 46 ක් ආසාදිතයන් බවට පත් ව සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි