×

වට්ටක්කා මාළුවක් ? නෑ…නෑ… වට්ටක්කා බෝට්ටුවක්!

විවිධ ප්‍රමාණයේ වට්ටක්කා බෝට්ටු සාදා ගන්නා උදවිය ඒවාද කරේ තබාගෙන හෝ වාහනයක දමාගෙන තරගයට එන්නේ දැඩි බලාපොරොත්තතුද සහිතවයි ගැහැණු මෙන්ම පිරිමින්ද බේදයක් නැතිව වට්ටක්කා බෝට්ටු තරගයට සහභාගී වෙයි. සමහරෙක්නම් තමන්ගේ ආසම වර්ණ වලින් සහ කාටූන් රූපවලින් වට්ටක්කා බෝට්ටුව හැඩ කර ඇත්තේ ඉතා ප්‍රියමනාප ආකාරයෙනි.


වට්ටක්කා  ගැන කියන විට අප මකත් වන්නේ වට්ටක්කා මාළුව , වට්ටක්කා පුඩින්, වට්ටක්කා බීම  ආදියයි. ඒත් වට්ටක්කා බෝට්ටු! ?  ලංකාවේ අපිටනම් වට්ටක්කා බෝට්ටු කියූ විට ඇතිවන්නේ ප්‍රශ්ණාර්ථයක්

මේ හෙලොවින් සමයයි. අපට නැතත් ලෝකයේ බෙහෝ රටවල් හෙලෝවින් (Haloween) සමරන්නේ එකිනෙකාට ආවේනික වූ එකිනෙක ක්‍රම වලටයි. ඒ කුමන ක්‍රමයකට සැමරුවත් හැලෝවින් සමයේ දී වට්ටක්කා වලට හිමිවන්නේ ඉහළම ස්ථානයකි.

වට්ටටක්කා සමග හැලෝවින් සමරන අතරතුරේ  යෝධ වට්ටක්කා බෝට්ටු තරගය අද ඊයේක  ආරම්භ වූවක් නොවුණත් විශාලම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය කළ අපූරු මිනිසෙක් පසුගියදා කාගේත් කථා බහට ලක්වන්නට පටන් ගත්තේය. කිලෝ ග්‍රෑම් 619කින් යුත් වට්ටක්කා ගෙඩියකින් සිය බෝට්ටුව නිර්මාණය කළ  ටොම් පර්සි  ඒ ගැන ගිනස් වාර්තා පොතට ඇතුල් වන්නට බලාපොරොත්තුවෙන් සිටී.

ඔහුගේ මෙම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය වන්නේ මේ දිනවලදී පවත්වන්නට නියමිත වට්ටක්කා බෝට්ටු තරගයක් සදහාය. කැනඩාවේ නෝවා ස්කෝටියා නගරය වට්ටක්කා බෝට්ටු වලට සුප්‍රසිද්ධම නගරයකි. නෝවා ස්කොටියා නගරයේ ඩිල් පවුල යෝධ වට්ටක්කා වැලක හිමිකරුවන් වෙයි. විශාලම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය කළ ටොම් පර්සි මෙන්ම විශාලම වට්ටක්කා හැදෙන වැලේ හිමිකරු ලෙස ගිනස් පොතට ගොස් ඇත්තේ  ඩිල් පවුලයි.

ඩිල් පවුලද ඇතුලුව නෝවා ස්කෝටියාහි යෝධ වට්ටක්කා හැදෙන විට එහි සියල්ලන්ටම මේ වටිටක්කා සමග කුමක් කරන්නේදැයි යන සිතිවිල්ල නිසාම ඉන් බෝට්ටු සැදිය යුතු යැයි ඔවුන් යෝජනා කර ඇත. නමුත් වට්ටක්කා බෝට්ටු සාදා කුමක් කරනවාදැයි සිතූ විට ඔවුන්ට මතක් වී ඇත්තේ බෝට්ටු තරගයක් පැවැත්වීමටය. වට්ටක්කා ගැන නිතර කියැවෙන හලොවින් සමයේ වට්ටක්කා බෝට්ටු තරගය ආරම්භ වුණේ එලෙසිනි.

සෑම ඔක්තොම්බරයේම පම්ප්කින් රෙගෙටා නමින් සංවිධානය කරන මෙම වට්ටක්කා බෝට්ටු තරගය කැනඩාවේ පිස්ක්‍යුඩ් වැවේදී වාර්ෂිකව පැවැත්වේ. විවිධ ප්‍රමාණයේ වට්ටක්කා බෝට්ටු සාදා ගන්නා උදවිය ඒවාද කරේ තබාගෙන හෝ වාහනයක දමාගෙන තරගයට එන්නේ දැඩි බලාපොරොත්තුද සහිතවයි. ගැහැණු මෙන්ම පිරිමින්ද භේදයක් නැතිව වට්ටක්කා බෝට්ටු තරගයට සහභාගී වෙති. සමහරෙක් නම් තමන්ගේ ආසම වර්ණ වලින් සහ කාටූන් රූපවලින් වට්ටක්කා බෝට්ටුව හැඩ කර ඇත්තේ  ඉතා ප්‍රියමනාප ආකාරයෙනි.

කෙසේ වෙතත් වට්වක්කා බෝට්ටු යනු සාමාන්‍ය බෝට්ටු මෙන් හිතු මතේ පැදගෙන යා හැකි ඒවා නොවේ. සාමාන්‍ය බෝට්ටු පදිනවාට වඩා වැඩි සැළකිල්ලක් ඒ කෙරෙහි යොමු කළ යුතු වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි