මිය ගිය සංඛ්‍යාවන් ගණන් බැලීමේදී මෙන්ම ආසාදිතයන් බවට පත්ව රෝගාතුර වී සිටින සංඛ්‍යාවන් සලකා බැලීමේදී ද මේ බව තහවුරු මේ.
නමුත් කොරෝනා හි ජීවිත ගොදුරු කර ගන්නා සියලු සම්මතයන්ට සහ සම්භාවිතාවන්ට අභියෝග කරමින් දකුණු කොරියාවේ වයස අවුරුදු 96 ක් වන මේ මිත්තණිය, රෝගය වැළඳී සුවය ලැබුවාය.
චියෙන්දෝ පළාතේ වාසිකයෙකු වන ඇය, තමන්ව හඳුන්වා දෙන්නේ හ්වැන්ග් මෙනෙවිය යනුවෙනි. තමන් අවිවාහක බව සියලු තැන්හිදී අවධාරණය කරන තැනැත්තියකි, ඇය.
ඇය ජීවත් වන්නේ දකුණු කොරියාවේ වැඩිම කොරෝනා අවදානමක් පවතින දේගු පළාතට ආසන්නයේ වීම ද විශේෂත්වයකි. මේ වන විට දේගු පළාතෙන් දකුණු කොරියාවේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙමින් තිබේ.
ඇය කොරෝනා තත්වයට ගොදුරු වී ඇති බවට හඳුනා ගනු ලැබුවේ මාර්තු 13 වැනිදා ය. ඉන්පසු රෝහල් ගත වූ ඇයව දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළත් කරනු ලැබිණි.
මේ සතියේ බදාදා දිනයේ ඇය සම්පූර්ණයෙන්ම සුවපත් වූ බවට නිවේදනය කෙරිණි. දැන් ඇය, සිය නිවසේ ස්වයං නිරෝධායනට පත්ව සතුටෙන් කල් ගත කරන්නීය.
කොරෝනා මාරයාට පරදවන්නට නොහැකි වූ මේ ආත්තම්මා, නොවෙල් කොරෝනා වෛරස ඉතිහාසයේ අද්විතීය චරිතයක් ලෙසට මෙසේ ඉතිහාසයට එක් වෙයි.