×

වයිරසයෙන් බේරෙන්න ‘කොරෝනා දේවි’ නමඳින ඉන්දියානුවෝ

දින 48ක්පුරා අඛණ්ඩව කොරෝනා දේවි ප්‍රතිමා සඳහා පූජා පැවැත්වීමට නියමිත බව ද පැවසේ.


දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් නම් ප්‍රදේශයේ දේවාල ආශ්‍රිතව ‘කොරෝනා දේවි’ නමින් ප්‍රතිමා දෙකක් සාදා ඊට පූජකවරු ප්‍රමුඛ ප්‍රදේශවාසීන් වන්දනාමාන කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කාමාචිපූර් අභිනම් දේවාලය බාර සිවාලින්ගේෂ්වරර් නම් පූජකයා පැවසුවේ ඉන්දීය වැසියන් කොරෝනා වසංගතයෙන් බේරාගැනීම සඳහා පිහිට යැදීමට මෙම පිළිම සකසා පූජාමාන පවත්වන බවය.
එක් පිළිමයක් සඳුන් ලීයෙන් ද අනෙක කළුගල් විශේෂයකින්ද නිමවා ඇතැයි දැනගන්නට ලැබී තිබේ.
පිළිම ඉදිරිපස මල්, කැවිලි ඇතුළු පූජා භාණ්ඩ තබා, මන්ත්‍ර ජපකරන පූජකවරු, පිළිම කහ වතුරෙන් සහ කිරිවලින් නහවති.
”මේ වයිරසය දෙවි කෙනෙක් බවට පත්කරලා අපි වන්දනාමාන කරන්නේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන අවම කරන්නැයි අයැදින්නයි. මේවනවිට එය දරුණු වී තිබෙනවා. වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය අංශවලට පවා මේ තත්වයෙන් රට ගොඩගන්න බැරිවුණා. ඒනිසා අපි දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න හිතුවා” සිවාලින්ගේෂ්වරර් පවසයි.
කොලරාව, මහාමාරිය ව්‍යාප්ත වූ කාලවලදී මෙන්ම පැපොල, සරම්ප වැනි රෝගවලදී ද මෙවැනි ම දේවාලවලදී දෙවිවරුන්ට වන්දනා කර ඇතැයි ඔවුහු පවසති.
දින 48ක්පුරා අඛණ්ඩව කොරෝනා දේවි ප්‍රතිමා සඳහා පූජා පැවැත්වීමට නියමිත බව ද පැවසේ.
කෙසේවෙතත් ඉකුත් සති හතර තුළදී, නව ආසාදිතයන් 100,000ක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබිණි. මේ වනවිට සමස්ත ආසාදිතයන් 27,894,800ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, මරණ 325,998කි. 25,454,320ක් සුවය ලබා සිටිති.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි