×

වසංගතයෙන් බිලිගත් ඉක්වදෝරයේ මරණයේ නගරය

ඔහු සිය ගණන් වූ මළ සිරුරු අතරේ සිය පියා ව සොයමින් සිටියේය.


කොවිඩ්-19 වසංගත රකුසා විසින් මුළුමනින්ම බිලිගෙන ඇති ඉක්වදෝරයෙන් මෙවැනි කතා දැන් දිනකට සිය ගණනක් ඇසේ.

රෝද පුටුවේ සිටි ෆ්ලැමියෝ රාමෝස් ඔහුගේ පුතා විසින් රෝහලට ඇතුල් කරන්නට යුහුසුළු වෙමින් සිටියේය. රෝගී පියාව ඇතුළත් කරන්නට ඔහු මේ රෝහල තෝරාගන්නේ 11 වන රෝහල ලෙස ය. මීට පෙර ගිය රෝහල් 10ම ඔහු ව භාරගැනීම ප්‍රතික්ෂේප කළේ වාට්ටු පිරී ඉතිරී ගොස් තිබූ නිසා ය.

පියාට සිහිය නොතිබුණු හෙයින් එය මුලින්ම දුටුවේ ඔහු ය. මළසිරුරු දෙකක් රෝහලේ බිම ඔහේ දමා තිබුණේය. එකක් ගාබේජ් බෑගයක ය. අනෙක ගාබේජ් බෑගයකින්වත් ආවරණය නොකර ඔහේ දමා තිබුණේය. ඊළඟ දින උදෑසන වන විට එතැන මළ සිරුරු 3 ක් විය. ෆ්ලැමියෝ රාමෝස් ද මිය ගොස් සිටියේය.

දැන් මසකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, ඔහුගේ පවුල ෆ්ලැමියෝ රාමෝස් ව භූමදානය කිරීමට සමත් වී නැත. මිය ගිය පියාව දුටු නමුත් ඉන්පසුව රෝහල් බලධාරීන් විසින් එම මෘත දේහය ‘නැති කර‘ තිබිණි.

දින 4 ක් ඇතුළත ඔහුගේ පුතා මළ මිනී 250 ක් පමණ පිරික්සමින් සිය පියා සෙව්වේය.

‘‘ඉරිද දවස්වලට ගිහින් මට මගේ තාත්ත වෙනුවෙන් මල් ටිකක් තියන්න තැනක් ඕනෙ..‘‘ පුතු ආර්ටුරෝ පවසන්නේ ඇඬු කඳුලිනි.

ඉක්වදෝරයේ ගුවායාක්වීලි හිදී මිය ගිය 55 හැවිරිදි ෆ්ලැමියෝ රාමෝස්, තවත් එක් කොවිඩ්-19 ගොදුරක් පමණි. චිකාගෝවට ප්‍රමාණයෙන් සමාන ගුවායාක්වීලි, ඉක්වදෝරයේ දෙවැනි විශාල නගරයයි. එය, මාර්තු මාසයේ කොවිඩ් වසංගතය පැතිර යන විට සති ගණනක් ඇතුළත මුළුමනින්ම පාහේ විනාශ මුඛයට පත් විය.

පසුගිය මාසයේ පටන් ඉක්වදෝරයේ දැකගත හැකි වන සුලබ දසුනක් වන්නේ වීදිවල තැන තැන කාඩ්බෝඩ් වලින් වසා ඇති මළ සිරුරු ය. රෝහල් සම්පූර්ණයෙන්ම පාහේ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. ඉක්වදෝරයේ සෞඛ්‍ය සේවය, මෙවැනි හදිසි තත්වයකට කිසිසේත්ම සූදානමින් සිටියේ නැත. ඔවුන්ට රෝගීන් වෙත ලබාදිය හැක්කේ අතිශයින්ම ප්‍රාථමික මට්ටමේ සේවාවක් පමණි. ඔවුන් සීඑන්එන් පුවත්සේවයට නිර්නාමිකව මේ සත්‍යය හෙළිකළේ තමන්ගේ රැකියා අවදානමේ දමා ගන්නට අකමැති හෙයිනි.

GUAYAQUIL, ECUADOR – APRIL 05: Relatives of the deceased line up to bury in the Dur??n Cemetery on April 5, 2020 in Guayaquil, Ecuador. Guayaquil is the most affected city by COVID-19 in Ecuador. Dead bodies remain in the houses and apartments for days as morgues of the hospitals are overcrowded. The central government has informed 318 coronavirus deaths, but officials say there could be more who died without ever being diagnosed coronavirus. (Photo by Getty Images/Getty Images)

‘‘මළමිනී දුසිම් ගණන් රෝහල් කාමරවල පිරිලා..‘‘

මේ වන විට ඉක්වදෝරය විසින් ‘කොවිඩ් වසංගත සමයේ නැති වූ අය‘ගේ තොරතුරු සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් දියත් කර තිබේ. එහි ෆ්ලැමියෝ රාමෝස්ගේ නම හෝ වෙනත් තොරතුරු ගැබ් කර සෝදිසි කළ විට මෙසේ ප්‍රතිඵලය ලැබේ. ‘No Results Found.’

මේ වන විට ෆ්ලැමියෝගේ පුතා ආර්ටුරෝ සිය පියා වෙනුවෙන් පවුලේන ද වෙන්ව තනිව වැළපෙයි. ඒ, මෙයට දින 3කට පෙර ඔහු ද කොවිඩ් පොසිටිව් වී ඇති බව සොයා ගැනුණු නිසා ය.

නිල නොවන දත්තවලට අනුව මේ දක්වා පුද්ගලයන් 9000 ක්වත් කොවිඩ් වසංගතයෙන් මේ නගරයේදී පමණක් මිය ගොස් තිබේ. නමුත් රජයේ නිල දත්තවලට අනුව මේ දක්වා මුළු ඉක්වදෝරයේම මිය ගොස් තිබෙන්නේ 1,654 දෙනෙකු පමණි!

මළ සිරුරවත් ඉතිරි නොවුණු ෆ්ලැවියෝ රාමෝස් – 2019 දෙසැම්බරයේදී නිරෝගී මිනිසෙකුව සිටියේය

පිය පුතු දෙදෙන මෙයට හරියටම වසරකට පෙර…

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි