×

වසරේ උණුසුම්ම තාප තරංගය ස්පාඤ්ඤයට ඇතුළු වේ.

උතුරු අප්‍රිකාව පුරා රැඳි උණුසුම් වායු  ස්කන්ධය ඊයේ (12) දිනය වන විට දී  සිපාඤ්ඤ වෙත වසරේ පළමු උණුසුම් තාප තරංගය ගෙන ආ බව, ස්පාඤ්ඤයේ කාලගුණ සේවය පවසයි. ඒ අනුව සමහර ස්ථානයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ට නුදුරේදී ම ළඟාවනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි. මෙම තාප තරංග අවම වශයෙන් බදාදා දක්වා පවතිනු ඇති බවත්, උණුසුම්ම ප්‍රදේශ මධ්‍යම […]


උතුරු අප්‍රිකාව පුරා රැඳි උණුසුම් වායු  ස්කන්ධය ඊයේ (12) දිනය වන විට දී  සිපාඤ්ඤ වෙත වසරේ පළමු උණුසුම් තාප තරංගය ගෙන ආ බව, ස්පාඤ්ඤයේ කාලගුණ සේවය පවසයි.
ඒ අනුව සමහර ස්ථානයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ට නුදුරේදී ම ළඟාවනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
මෙම තාප තරංග අවම වශයෙන් බදාදා දක්වා පවතිනු ඇති බවත්, උණුසුම්ම ප්‍රදේශ මධ්‍යම සහ නිරිතදිග ස්පාඤ්ඤයේ කලාපවල ඇතිවිය හැකි බවත්, ස්පාඤ්ඤයේ Aemet කාලගුණ ඒජන්සිය පැවසා ඇත.
මේ වන විට Seville, Cordoba සහ Badajoz යන නගර වෙනුවෙන් අංශක 43ක ඉහළ උෂ්ණත්වයක් ඇති වෙතැයි සැලකේ.
Madrid උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යා හැකි බවත් , වෙරළබඩ Barcelonaහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 පමණ වෙතැයි ද පුරෝකථනය කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි