×

වසර මිලියන 36 ක් පැරණි පොසිල

වසර මිලියන 36 කට පෙර මුහුදේ වාසය කළ ඉපැරණි තල්මසෙකුගේ ෆොසිලමය නටඹුන් 2021 වසරේ පේරු කාන්තාරයකින් සොයා ගන්නා ලද බව පාෂාණ විද්‍යාඥයින් පසුගිය බ්‍රහස්පතින්දා අනාවරණය කරන්නට විය.


ඇටසැකිල්ල සොයාගත් කණ්ඩායමේ ප්‍රධානී වූයේ පාෂාණ විද්‍යාඥ මාරියෝ උර්බිනා ය. ඇය පැවසුවේ 2021 වර්ෂ අවසානයේ, ලීමා නගරයේ සිට කිලෝමීටර් 350 ක් දුර දකුණින් පිහිටි Ocucaje කාන්තාරයෙන් මෙම බැසිලෝසෝරස් සොයා ගත් බවයි.

මෙම භූ දර්ශනය මීට වසර මිලියන ගණනකට පෙර නොගැඹුරු මුහුදක් වූ අතර එය කඳු වැටිවලින් කැපී පෙනෙන ප්‍රාථමික මුහුදු ක්ෂීරපායී සත්ව අවශේෂ විශාල ප්‍රමාණයක් ලැබුණු බිමකි.

“Ocucaje Predator”, ලෙස මෙම සැකිල්ල පර්යේෂකයන් විසින් නම් කරන ලද අතර, මීටර් 17 (අඩි 55) පමණ දිගින් යුක්ත වෙයි.

ටූනා, මෝරුන් ගෙ වැනි බලවත් දත් ආහාර ලබා ගැනීමට එම සතුන් භාවිතා කරන්නට වූ අබව නිගමනය කෙරේ.

ලෝකයේ මෙම සැකිල්ලට සමාන වෙනත් සමාන නිදර්ශකයක් මෙතෙක් සොයාගෙන නොමැත. බැසිලෝසෝරස් වැනි පළමු කැටේෂියන් සතුන් වසර මිලියන 55 කට පමණ පෙර ගොඩබිම් සතුන්ගෙන් පරිණාමය විය.

මෙම සතුන් ඉයෝසීන යුගයේ අගභාගය වන විට (වසර මිලියන 56ත් මිලියන 34ත් අතර කාලයකට පෙර) සම්පූර්ණයෙන්ම සාගර ජීවීන්ට අනුවර්තනය වී ඇත.

තල්මසුන් තවම පරිණාමය වී නොතිබූ අතර, පර්යේෂක කණ්ඩායමට අනුව, සියලුම කැටේසියන් සතුන් සාගර සාර්ව විලෝපිකයින් විය.

Ocucaje කාන්තාරය පොසිල වලින් පොහොසත් බව පර්යේෂකයන් පැවසුවේ වසර මිලියන 42 ක් වටිනා පරිණාමීය සාක්ෂි විද්‍යාඥයින්ට ලබා දෙමිනි.

එහිදී හමුවූ අනෙකුත් පොසිල අතරට වාමන තල්මසුන්, ඩොල්ෆින්, මෝරුන් සහ මයෝසීන යුගයේ (වසර මිලියන 23 ත් මිලියන 5 ත් අතර) වෙනත් විශේෂ ඇතුළත් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි