×

වාහන 1000 ක් දින 2 ක් එක පෙළට සිර කරමින් ජපානයේ අධික හිම පතනයක්

ජපානයේ කනෙට්සු අධිවේගී මාර්ගයේ සිදුවූ අධික හිම පතතය හේතුවෙන් වාහන දහසක් පමණ එක පෙළට සිර වී දින දෙකක් පමණ එකම ආකාරයෙන් තිබෙන ආකාරය දැකගත හැකි විය.


මෙම අධිවේගී මාර්ගය මගින් සම්බන්ධ වන්නේ තෝකියෝ අගනුවර සහ උතුරු ජපානයේ නීගාතා කලාපයයි.

බදාදා දිනයේ ආරම්භ වූ මෙම හිම පතනය හේතුවෙන් ඉතා දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණේ තෝකියෝ-නීගාතා අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල කරමිනි. මෙය ආරම්භ වී තිබෙන්නේ දැඩි හිම පතනය නිසා ට්‍රේලර් වාහනයක් කැඩීයාම හේතුවෙනි.

තවද කලාපයේ නිවාස 10,000කට අධික සංඛ්‍යාවකට මේ නිසා විදුලිය විසන්ධි වීම ද අත්දැකීමට සිදුවිය.

වාහන එක බැගින් මුදා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. ඒ සඳහා බරැති යන්ත්‍ර සූත්‍ර යොදාගනු ලැබේ. කෙසේ නමුත් ඊයේ දිනය වන විටත් වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් එකම තැන සිරවී තිබෙන ආකාරය දැකගන්නට ලැබිණි.

මීට පෙර අසල ජොෂිනෙත්සු අධිවේගී මාර්ගයේ ද මෙවැනිම තත්වයක් ඇති වූ අතර, එහිදී වාහන 300 ක් පමණ සිරවී තිබිණි.

මේ වසරේ ශීත සෘතුව ජපානයට දැඩි බලපෑම් ඇති කරමින් තිබෙන අතර, සති අන්තය තුළ හිම පතනය දැඩි වෙතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව අධිවේගී මාර්ගය යථා තත්වටය පත් කිරීම තවදුරටත් අසීරු කටයුත්තක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි