×

විකෘතිතා 46 කින් සමන්විත, එන්නත්වලටත් මට්ටු නොවන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන්

තවත් කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. බී. 1.640.2 හෙවත් IHU ලෙස දැනට නම්කර ඇති මෙම ප්‍රභේදය පළමුවරට එරටින් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය මාසයේදීයි.


මෙම නව ප්‍රභේදය කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන බව දැනට සිදුකර ඇති පර්යේෂණවලදී හෙලි වී තිබෙනවා.

මේ නිසා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව පුරා වෛද්‍ය විශේෂඥයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් විශාල පිරිසක් ප්‍රංශයේ මාර්සෙල් ඇතුළු නගර කිහිපයකින් හමු වී තිබෙනවා.

නව ප්‍රභේදය එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන නමුත් සීග්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රභේදයක් නොවන බවද දැනට හඳුනාගෙන ඇත.

පර්යේෂණවලින් වැඩිදුරටත් තහවුරු වී තිබෙන්නේ මෙම ප්‍රභේදයේ විකෘතිතා 46 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි