×

විදුලි පරිභෝජනය 5%කින් කපා හැරීමට යුරෝපා සංගමය පියවර ගනියි

යුක්රේන යුද්ධය හේතුවෙන් හා ගෑස් හා විදුලිය හිගයකින් පීඩා විඳින පාර්භෝගිකයන්ගෙන් ලාභ ලැබීමට බල ශක්ති සමාගම් කටයුතු කිරීම වැලැක්වීම මින් අපේක්ෂා කෙරේ.


රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ගෑස් සහ විදුලි මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට සාපේක්ෂව බල ශක්ති සමාගම් මත හදිසි බදු පැනවීමක් කළ යුතු බවට යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙමඟින් බල ශක්ති සමාගම්වල විදුලිය 5%කින් කප්පාදු කිරීමට හා මිල ගණන් ඉහළ දැමීම අපේක්ෂා කරන අතර මිලියන සංඛ්‍යාත ව්‍යාපාර සහ කුටුම්භ මේ හේතුවෙන් කනස්සල්ලට පත්ව තිබේ.
කෙසේ නමුත් මෙම යෝනාව වෙනුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් මෙම මාසය අවසන් වන විට එකඟතාවක් ඇති කර ගත යුතුව ඇති අතර ඉන් ඉපැයීමට බලාපොරොත්තුවන මුදල ඩොලර් බිලියන 140ක් පමණ වේ.

මෙවැනි යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ යුක්රේන යුද්ධය හේතුවෙන් හා ගෑස් හා විදුලිය හිගයකින් පීඩා විඳින පාර්භෝගිකයන්ගෙන් ලාභ ලැබීමට බල ශක්ති සමාගම් කටයුතු කිරීම වැලැක්වීම මින් අපේක්ෂා කරන බවයි.

යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපා සංගමය රුසියාවට සම්බාධක යෙදීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම්කරුවෙකු වන වන විට රුසියාවෙහි කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇත. ඔවුන් එකී පාඩුව ගෑස් හා තෙල් මඟින් පියවා ගනිමින් ඇත.

යුරෝපා සංගමයේ ආනයනික ගෑස් වලින් 40% ක් රුසියාව සතු වූ අතර යුක්රේන ආක්‍රමනයත් සමඟ එම ගෑස් ආනයනය 10% දක්වා පහත වැටීණ. ඊට සාපේක්ෂව මිලද ඉහළ යනු ලැබීය. විදුලිය නිපදවීම වෙනුවෙන් ගෑස් කොටසක් ද පුළුස්සා දැමීමට සිදුවන බැවින් ඉහළයන ගෑස් මිල විදුලි බිල ද ඉහළ නංවමින් ඇත. ඒ අනුව බලශක්ති අර්බුදය උග්‍ර වී ඇති අතර ඒ වෙනුවෙන් දිගු කාලීන, බලශක්ති වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ යෝජනාවන් අත්‍යාවශව ඇත.

කෙසේ නමුත් ලබන වසර දක්වා ඒවා සූදානම් නොවන බැවින් මෙම බදු පැනවීම කළ යුතුව ඇති බව බව යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි