×

විරෝධතාකරුවන් 114 ක් මරා දමමින් මියන්මාර් ජුන්ටාව හමුදා දිනය සමරයි !

මියන්මාර හමුදා දිනය ඊයේ (27) දිනයට යෙදී තිබිණි. මියන්මාර හමුදා පාලනය ඔවුන්ගේ හමුදා දිනය සැමරූයේ රටපුරා නගර 44 කදී බාලවයස්කරුවන් ඇතුළු විරෝධතාකරුවන්ට රිසි‍සේ වෙඩි තබමින් ඔවුන්ගේ ජීවිත බිලි ගනිමිනි.


ඊයේ දිනයේදී සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් සිවිල් වැසියන් 144 දෙනෙකුවත් ඝාතනයට වන්නට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධතා ආරම්භවීමෙන් පසුව වැඩිම සිවිල් වැසියන් පිරිසක් බිලිගත් දිනය ලෙස මියන්මාර හමුදා දිනය ඉතිහාසයේ සටහන් වනු ඇත.

උද්ඝෝෂණයේ නිරත පුද්ගලයන්ට පමණක් නොව හිතුමතේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමට තරම් එරට හමුදාව දරුණු වී ඇති අතර මැන්ඩලේ කලාපයේ Meikhtila හි නිවාස පෙළකට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් 13 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

විරෝධතා ආරම්භ වූ දිනයේ පටන් වෙඩිතැබීම්වලින් මියග‍ිය බාල වයස්කරුවන් ප්‍රමාණය 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් හමුදා ජුන්ටාවේ නායක ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙයින්ග්, එරට අගනුවර පැවති හමුදා දින සැමරුම් උත්සවයකදී ප්‍රකාශ කර තිබෙන්නේ ජනතාව ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා තම පාලනය වෙහෙසෙන බවයි.

හමුදා පාලනය කෙතරම් සාහසික ලෙස විරෝධතාකරුවන් මර්දනය කිරීමට උත්සාහ කළද, මරා දැමුවද විරෝධතාකරුවන් තවමත් සිය සටන අත්හැරීමට සූදානම්ව නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ දක්වා වෙඩිතබා මරාදැමූ පුද්ගලයන් ගණන 400 ඉක්මවා තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් මාර්තා පවසන්නේ ඝාතනය වූ ප්‍රමාණය මීට වඩා බෙහෙවින් ඉහළ යායුතු බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි