×

විශ්වයම දකින නාසාහි අභ්‍යවකාශ දුරේක්ෂය James Webb

james webb මඟින් වසර බිලියන 13.5 කට වඩා ඈත අතීතයේ සිදු වූ සිදුවීම් හඳුනා ගැනීමට හැකි බව පැවසේ.


නාසා හි ඩොලර් බිලියන 10 ක වටිනාකමින් නිර්මාණය කරන ලද නව අභ්‍යවකාශ දුරේක්ෂයක් මගින් විශ්මය දනවන රූප ලබා දෙමින් ඇත. මෙම දුරේක්ෂය අවම වශයෙන් ඉදිරි වසර 20 තුළ සොයාගැනීම සඳහා ප්‍රමුඛ බලවේගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විද්‍යා මෙහෙයුම් ආරම්භ කිරීමට ජේම්ස් වෙබ් නිරීක්ෂණාගාරයේ සූදානම සනිටුහන් කිරීම සඳහා ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙන් ඊයේ දින මුලි ඡායාරූප නිකුත් කරන ලදි. මෙය නාසා ආයතනයේ මූලිකත්වයෙන් එක්සත් ජනපදය, යුරෝපීය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිවල ඒකාබද්ධ ව්‍යාපෘති නිර්මාණයකි.

Webb කිරණ හරහා අහස දැකීමට විශේෂයෙන් සුසර කර ඇති අතර අපගේ ඇස්වලට පෙනෙනවාට වඩා විශ්වය දෙස ගැඹුරින් බැලීමේ හැකියාව ලබා දෙනු ඇති අතර, ක්ෂීරපථ, මන්දාකිනි, ග්‍රහලෝකවල වායුගෝලය අධ්‍යයනය කිරීමට අමතරව james webb මඟින්  වසර බිලියන 13.5 කට වඩා ඈත අතීතයේ සිදු වූ සිදුවීම් හඳුනා ගැනීමට හැකි බව පැවසේ.

මේ පිළිබඳව එක්සත් රාජධානියේ තාරකා විද්‍යා තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙම නව දත්ත ඉතා හොඳ ඒවා වීම, ඒවා එතරම් හොඳ තත්ත්වයේ තිබීම, ඒවා පැය කිහිපයක නිරීක්ෂණ වලින් ලබාගෙන තිබීම, එයින් ඔබට පවසන්නේ සොයාගැනීම් සිදු කිරීමට බලා සිටින බව දක්නට ලැබෙන බව BBC පුවත් සේවයට වාර්තා කර තිබේ.
තාරකා විද්‍යාඥයින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සොයාගැනීම් වල පිරික්සුම් ලැයිස්තුවක් ඇති අතර පළමු තාරකාවන් බැබළීමේ සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට වාසයට සුදුසු ග්‍රහලෝක සොයා ගැනීම දක්වා එය විහිද යනු ඇති බව කියැවේ.

Carina යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7,600 ක් පමණ දුරින් පිහිටා ඇති අහසේ විශාලතම සහ දීප්තිමත්ම තාරකා තවානයි. ඒවා විශාල වායු හා දූවිලි වලාකුළු වන අතර එහි නව තාරකා සෑදේ.

SMACS 0723 යනු විශාල මන්දාකිණි පොකුරකි. විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ “ගුරුත්වාකර්ෂණ කාචයක්” ලෙසයි. එය රතු චාපයක් වැනි ව්‍යුහයකි. සමහර චාප වල ආලෝකය අප වෙත ළඟා වීමට වසර බිලියන 13කට වැඩි කාලයක් ගත වී ඇත.

එමෙන් ම ආලෝක වර්ෂ මිලියන 290ක් පමණ එපිටින් ස්ටෙෆන්ගේ ක්වින්ටෙට් පිහිටා ඇත්තේ පෙගසස් තාරකා මණ්ඩලයේය. එය මෙතෙක් සොයා ගත් පළමු සංයුක්ත මන්දාකිණි සමූහය වේ. මේවා වඩාත් පැහැදිලිව හා නිවරැදිව දැකීමේ හා කියවීමේ හැකියාව James Webb මඟින් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

සැබැවින්ම James Webb මඟින් විශ්වයේ නව පිටුවක් පෙරලෙනු ඇත.


සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි