×

විශ්වයම හොල්ලන සීයයි, මුනුබුරායි – Rick and Morty

විශ්වයම හොල්ලන සීයයි මුණුපුරයි ගැන කතාව


Rick and Morty ගැන දන්නැති කෙනෙක් සිටීම සැබවින්ම පුදුමයට කරුණකි .

Rick and Morty කතාමාලාවට Imdb රෙට් එක ලෙස 9.3 ක අගයක් ලැබී ඇත.( ඇනිමෙශන් කතාමාලවකට මෙච්චර අගයක් ලැබීම සැබබවින්ම පුදුමයකි). Dan Harmon හා Justin Roiland යන දෙපලගෙ නිර්මාණයක් වන මෙය Animation | Adventure | Comedy | Sci-Fi ගනයට අයත් වේ.එමෙන්ම 2.12.2013 දින විකාශය ආරම්භ වු මෙම කතාමාලවට කතා සමයන් 3ක් දැනට ඇතුලත් වේ

රික් ( Rick Sanchez) කියන්නෙ අලුත් දේ සොයන සහ නිර්මාණය කරන බොහොම බුද්මත් විද්‍යාඥයෙකි. මොර්ටි (Morty Smith ) යනු රික්ගෙ මුනුබුරාය. එනම් රික්ගෙ දුව වෙන බෙත්(Beth Smith) ගෙ පුතා.රික් තම පරීක්ෂණ සියල්ලටම යොදා ගන්නෙ මෙ මොර්ටිව.ඒ වගෙම මේක විද්‍යා ප්‍රබන්ධ ගහනයට ගැනෙන කතාවක්.එනම් මෙහිදී අපිට මල්ටිවර්ස් (සමාන්තර ලොක), පිටසක්වල ජීවීන් ,මිත්‍යා කතා,අබිරහස්,ග්‍රහලොක තරනය,නව සොයා ගැනීම් වගෙ ගොඩක් දෙවල් දකින්න ලැබේ. කොටින්ම කියතොත් මිනිහෙක්ගෙ ඇඟ ඇතුලෙ පාර්ක් එකක් අරඹන තැන සිට බල්ලො ලොකෙ ආක්‍රමණය කරන ආකාරය දක්වා මෙහි ඇතුලත් වේ .මේ රික් සහ මොර්ටි දෙන්නා මේ වික්‍රම වලට මුහුන දෙන හැටි සහ ස්මිත් පවුල අතර සිදු වෙන දෙවල් මෙහි ප්‍රධාන තේමාව වේ.

මෙහි ප්‍රධාන චරිත ලෙස ,

රික් – Rick Sanchez (voiced by Justin Roiland )
මොර්ටි – Morty Smith (voiced by Justin Roiland )
ජෙරි(මොර්ටිගෙ තාත්තා) – Jerry Smith (voiced by Chris Parnell )
බෙත්( මොර්ටිගෙ අම්මා) – Beth smith (voiced by Sarah Chalke )
සමර්( මොර්ටිගෙ අක්කා) – Summer Smith (voiced by Spencer Grammer)
යන අය දැකිය හැක .

මෙම කතාමාලාව සම්මාන 4ක් දිනා ඇති මෙම කතාමාලාව තවත් සම්මාන 11කටත් නිර්දෙශ වී තිබේ. එමන්ම හොඳම රූපවාහිනී කතාමාලා 250 අතර idmb දශක අතරින් 8 වෙනි ස්තානය මෙන්ම ඇනිමේෂන් කතාමාලා අතරින් 1 වන ස්ථානය ලබා ගැනීමට මෙම කතාමාලාව සමත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි