×

විශ්වයේ නව මානයන් හෙළිකරන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුර්ලභ මන්දාකිණියක විස්මිත රූපයක් හෙළිදරව් කර ඇත. එනම් NASA අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ නවතම රූප අනාවරණය කරන්නේ විශාල සර්පිලාකාර මන්දාකිණියක් සහ කුඩා මන්දාකිණියක් ප්‍රචණ්ඩ ලෙස ගැටීමෙන් නිර්මාණය වූ ආලෝක වර්ෂ මිලියන 500ක් ඈතින් පිහිටි මුදු මන්දාකිණියක් වන Cartwheel හි ඡායාරූපයි. මේ පිළිබඳව විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ වසර බිලියන ගණනක් පුරා මන්දාකිණිය පරිණාමය වී ඇති […]


ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුර්ලභ මන්දාකිණියක විස්මිත රූපයක් හෙළිදරව් කර ඇත.

එනම් NASA අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ නවතම රූප අනාවරණය කරන්නේ විශාල සර්පිලාකාර මන්දාකිණියක් සහ කුඩා මන්දාකිණියක් ප්‍රචණ්ඩ ලෙස ගැටීමෙන් නිර්මාණය වූ ආලෝක වර්ෂ මිලියන 500ක් ඈතින් පිහිටි මුදු මන්දාකිණියක් වන Cartwheel හි ඡායාරූපයි.

මේ පිළිබඳව විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ වසර බිලියන ගණනක් පුරා මන්දාකිණිය පරිණාමය වී ඇති ආකාරය පිළිබඳ වැඩි විස්තර නව රූපයෙන් හෙළි කරන බවයි. එමෙන්ම මෙහි දීප්තිමත් අභ්‍යන්තර වළල්ලේ උණුසුම් දූවිලි අතර යෝධ තරුණ තරු පොකුරු සෑදෙන බවත්, පිටත වළල්ල වසර මිලියන 440 ක් පුරා ප්‍රසාරණය වෙමින් පවතින අතර, තරු සෑදීම සහ තරු මරණය සිදු වන බවත් පැවසේ. මෙම මන්දාකිණියේ වළල්ල ප්‍රසාරණය වන විට, එය වායුව සමඟ ගැටී තවත් තරු සෑදීමට හේතු වන අතර රූපයේ කුඩා සහකාර මන්දාකිණි දෙකක් ද දිස්වන බව පැවසේ.

මීට ඉහතදී හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ අනෙකුත් නිරීක්ෂණාගාර මගින් Cartwheel අධ්‍යයනය කර ඇතත්, දූවිලි එකතු වීම මන්දාකිනියේ අභිරහස් වසන් කර ඇත. Webb යනු අධෝරක්ත දුරේක්ෂයක් වන අතර එය මිනිස් ඇසට නොපෙනෙන ආලෝකය නරඹන අතර අනෙකුත් උපකරණවලට නොහැකි වූ නව තොරතුරු ග්‍රහණය කර ගැනීමට සමත් ලෝකයේ මෙතෙක් බිහිවූ අපූර්වතම නිමැවුමකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි