×

විශ්වාස භංගයකින් පසු බෙල්ජියම් අගමැති ඉල්ලා අස්වේ.

ඔහුට එල්ලවූ විශ්වාස භංගය සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළ අගමැතිවරයාගේ ඉල්ලීම එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.


තමන්ට එරෙහි විශ්වාස භංගයකින් පසු බෙල්ජියමේ අගමැති චාර්ල්ස් මයිකල් සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
වසර 4ක් සඳහා වූ බෙල්ජියම් රජයේ මෙම කඩා වැටීමට හේතුව වූයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධෙයෙන් ඇති වූ අර්බුධයන්ය. ඔහුට එල්ලවූ විශ්වාස භාංගය සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළ අගමැතිවරයාගේ ඉල්ලීම එරට පාර්ලිමේන්තුව විසින් ඉවත දමන ලදී.
ඒ අනුව අගමැතිවරායට සිය තනතුරෙන් ඉවත්වීමේ ඉල්ලා අස්වීමේ ලිපිය බෙල්ජියමේ පාලක එරට රජු පිලිප් වෙත ඉදිරිපත් කරන ලෙස බල කෙරිණි. මේ සඳහා එරට සමාජවාදී පක්ෂය මූලිකත්වය ගෙන කටයුතු කර ඇත‍

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග බෙල්ජියාමේ මීළඟ මැතිවරණය ලබන ජනවාරියේ පැවතෙනු ඇති බවට මත පලවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ ගෝලීය සංක්‍රමණික ගි විසුමට හිටුපු අගමැති වරයා පසුගියදා අත්සන් තබන ලදී, මෙම ගිවිසුමට යුරෝපීය රාජ්‍යයන් වන ඉතාලිය ඔස්ට්‍රියාව, පෝලන්තය සහ හංගේරියාව, බල්ගේරියාව මෙන්ම ඔස්ට්‍රේලියාව යන රටවල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි