×

විශ්ව රූ රැජින ආසියානු තරඟකාරියන්ගේ ඉංග්‍රීසි දැනුමට සමච්චල් කළ ඇමරිකානු රූ රැජින ලැජ්ජාවට පත් වේ.

'' ඇය ඉංග්‍රීසි වචනයක්වත් කථා කරන්නෑ විතරක් නෙවෙයි ඉන්න අනික් අය කවුරුත් ඇගේ භාෂාව කථා කරන්නෙත් නෑ .. අහෝ දුප්පත් කාම්බෝජය''


විශ්ව රූරැජින තරඟය නියෝජනය කළ තරඟකාරියන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන අවමන් කළ ඇමරිකානු රෑ රැජින සාරා රෝස් තමන් අතින් සිදුවූ වරද පිළිබඳව සිය පසුගියදා සිය සමාව ඇයද සිටියාය.
ඒ ඇය ඉන්ස්ටර්ග්‍රෑම් මාධ්‍ය ඔස්සේ වීඩියෝවකක් නිකුත් කරමින් තරඟයට සහභාගී වූ අනෙකුත් තරඟ කාරියන් හට ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩු යැයි අපහාස කිරීම සහ ඒ පිළිබඳව ඇයට විශාල විවේචන රාශියක් එල්ලවීමත් සමගිනි.


කොලෝම්බියානු රෑ රැජින වූ වැලේරියා මොලාරස් ගේ ඉංග්‍රිසි දැනුමට සහ වියට්නාම රෑ රැජින හෙන් නී ගේ ඉංග්‍රීසි දැනුමට සමච්චල් කළ ඈ පැවසූවේ” ඇය ඉතාමත් හුරු බුහුටුයි නමුත් ඇය හැසිරෙන්නේ ඇයට හොඳට ඉංග්‍රීසි පුළුවන් වගේ ඒත් ප්‍රශ්නයක් ඇහුව ගමන් .. ඇය සිනා සෙමින් හිස නමනවා.. එච්චරයි එසේ කියමින් ඇමරිකානු රූ රැජින සමච්චලයට සිනා සෙන්නීය.

එපමණක්ද නොව වීඩියොව තුළ කාම්බෝජියානු රූ රැජිනට අපහාස කරන ඇය කියා සිටියේ..
” ඇය ඉංග්‍රීසි වචනයක්වත් කථා කරන්නෑ විතරක් නෙවෙයි ඉන්න අනික් අය කවුරුත් අගේ භාෂාව කථා කරන්නෙත් නෑ .. අහෝ දුප්පත් කාම්බෝජය” යනුවෙන් සමච්චලයෙනි.
ඇගේ මෙම වීඩියෝව ගැන එය පළ කළ අවස්ථාවේ පටන් විවේචන රැසක් අන්තර් ජාලය තු‍ළ එල්ල වන්නට පටන් ගත්තේය. වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ඇය xenophobic ක්සේනොෆෝබියාවෙන් එනම් විදෙස් ජාතිකයන් ගැන හිසාකාරී හැඟීම සහ බියෙන් පෙලෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි