×

වුහාන් දරුවෝ පාසල් යති : නමුත් මුහුණු වැසුම් කෝ?

කෝවිඩ්-19 වසංගතය හටගත් චීනයේ වුහාන් පළාතේ දරුවන්ගේ පාසල් ගමන මේ වන විට ආරම්භ වී තිබේ. මිලියන 1.4 කට ආසන්න පිරිසක් ඊයේ දිනයේ පාසල් සහ පෙර පාසල් වෙත වාර්තා කළ බව විදෙස් වාර්තා පවසයි.


පාසල් තුළ විවිධ සනීපාරක්ෂක පියවර දැඩි සේ අනුගමනය කෙරේ. ශරීර උෂ්ණත්වය මැනීම එහිදී අනිවාර්ය ය. නමුත් BBC’s Newsday programme සමග එක්වෙමින් Global Times චීන පුවත්පතේ මාධ්‍ය වේදී Qing Qing Chen අනාවරණය කළේ අධ්‍යාපන ආයතන තුළදී මුහුණු වැසුම් පැළඳීම අනිවාර්ය නැති බවයි.

‘‘අධ්‍යාපන ආයතන තුළදී මාස්ක් එකක් පැළඳීම අනිවාර්ය නැහැ. නමුත් ශිෂ්‍යයන්ට ඒවා ළඟ තබාගන්න පුළුවන්.‘‘ යැයි එහිදී පැවසිණි.

නමුත් පාසල තුළට එන විට සහ පාසලෙන් පිටතට යන විට මුහුණු වැසුම් පැළඳීම අනිවාර්ය ය.

මේ තත්වය මේ වන විට ගෝලීය වශයෙන් විවේචනයට ලක් වෙමින් තිබේ.

ජනවාරි මාසයෙන් ආරම්භ වී පුරා සති 11 ක් පැවති ලොක්ඩවුන් තත්වය අවසන් වන විට, චීනයේ සමස්ත කෝවිඩ් මරණ ගණනින් 80%ක්ම වාර්තා වූයේ වුහාන් නගරයෙනි.

පාසල තුළදී මුහුණු වැසුම් නොපළඳින දරුවන්, පාසලෙන් පිටතට යන විටදී එය පැළඳීම ප්‍රමාණවත් වේ දැයි බොහෝ අය ප්‍රශ්න කරති.

පාසල කෝවිඩ්-19 වසංගතයෙන් තොර තැනක් බවට පත් කර ඇතැයි මෙහිදී වුහාන් බලධාරීන් පැවසුවත්, එය සියයට සියයක් තහවුරු කරන්නේ කෙසේද යන පැනය ද මෙහිදී මතු වේ.

ප්‍රධාන ඡායාරූපය Getty

Students attend the 100th anniversary of the founding of Wuhan High School on the first day of the new semester in Wuhan in China's central Hubei province on 1 September 2020
Students in class at Wuhan High School on the first day of the new semester in Wuhan in China's central Hubei province on 1 September 2020
Primary school children attend a class on the first day of the new term in Wuhan, China, on September 1, 2020
Getty Images


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි