×

වේදනා විඳ කිඹුලන් අදහන පැපුවා හි සේපික් පිරිමි.

කිඹූලන්ගේ පිටෙහි දැකිය හැකි ගොරෝසු මෙන්ම කඩතොලු ස්වභාවය දක්වන්නට තමන්ගේද පිට කැපුම් උපකරණයකින් කපා ගන්නා මේ සේපික් පිරිමින් එවිට තම සිරුර තුල කිඹුලකු සැඟව සිටිනු ඇතැයි විශ්වාස කරති. 


ලොව දෙවනුවට විශාලතම දිවයින පැපුවා නිවුගිනියාවේ 80%කට හිමිවන්නේ ගම්බද ජීවිතයි. ඒ බොහෝ ප්‍රදේශ පවතින්නේ පිටස්තර ලෝක වලින් දුරස්වයි. පැපුවා ජිවිත බෙහෝමයක් සැබවින්ම ලෝකය දන්නේ ඉතා මද වශයෙනි.ඒ නිසාම පැපුවා නිවුගිනියාහී ගම්බද ප්‍රදේශ වල විවිධ පුද පූජා යාතුකර්ම සඳහා හිමි වන්නේ මූලිකම ස්ථානයකි. කිඹුල් වන්දනාව ඉන් එකකි. උතුරු පැපුවාහී සේපික් නදිය අසබඩ හවුස් ටාම්බරන් නැත්නම් භුතාත්ම නිවෙස් බෙහෝමයක් දැකිය හැකි වේ. සතුන් දෙවියන් ලෙස සළකන මෙම භූතාත්ම නිවස්නයන් ඉතා අලංකාර ලෙස සැරසූ ඌරන්, නයින් , උකුස්සන්ගේ පිළිම වලින් සරසා ඇත. මේ අතරේ කිඹූලන්ට හිමි ස්ථානය ඉතා ඉහළය.

source :www.bbc.com

ලෝකයේ අසීමාන්තිකව ඇදිහිලි මත තීරණ සිදුවන පැපුවා නිවුගිනියානු ජීවිත බෙහෝමයක් වඩාත් සමිප මෙම සේපික් නදිය අසබඩ පුද පූජා සමගිනි. එහි ජීවත්වන පුරුෂයින් සිය ජිවිත මෙම භුතාත්ම හෝ ඇදහිලි වෙනුවෙන් කැප කොට ඇති බවට හොඳම සාක්ෂිය වන්නේ කිඹූලන්ගේ ස්වරූපය ගන්නට සිය සිරුරට ඔවුන්දී  ඇති වේදනා දෙස බැලූ විටයි. ඒ ඔවුන් කුඩා දරුවන්ව සිටින කාලයේ සිටමය.

කිඹූලන්ගේ පිටෙහි දැකිය හැකි ගොරෝසු මෙන්ම කඩතොලු ස්වභාවය දක්වන්නට තමන්ගේද පිට කැපුම් උපකරණයකින් කපා ගන්නා මේ සේපික් පිරිමින් එවිට තම සිරුර තුල කිඹුලකු සැඟව සිටිනු ඇතැයි විශ්වාස කරති.

source :www.bbc.com

කිඹූලන් සේ මෙසේ සිරුර කඩතොලු කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවින්නේය. කිසිදු වෛද්‍ය උපදෙසක් හෝ අවධානමක් නොමැතිව සිය උරහිස් හා පිට කඩතොලු කර ගැනිම ඔවුන්ගේ අවශ්‍යතාවයි. කුඩා පිරිමි දරුවන්ට මෙවැනි කිඹුල් ස්වරූපයක් දෙන්නට උත්සුක වන්නේ වැඩි හිටි පිරිමින්ය.

ඉන්පසු පුද පූජා මැද දරුවන්ගේ සිරුරේ තැනින් තැන වැඩිහිටි පිරිමින් විසින් කැපුම් තුවාල ඇති කර ගනියි.

කිඹුලෙක් වන්නට සේපික් නදිය අසබඩ භූත නිවෙස් වලට යන පිරිමි දරුවන්ගේ සිරුරු බියෙන් වෙවුලන්නට පටන් ගනී. සිය සිරුර අමු අමුවේ කඩතොලු කරන අවස්ථාව ඔවුන්ගේ ජීවිත වල භයංකරම අවස්ථාවකි.

මේ වේදනාව නිසා පිරිමි දරුවන් මිය ගිය අවස්ථා බෙහෝමයක්ද සේපික් නදිය අසබඩින් වාර්ථාවේ.

කඩතොලු කළ සම මත ශාක ශාර තෙල් වර්ග සහ සේපික් නදියේ පතුලෙන් ගත් මඩ තවරනු ලබයි. ඒ විෂිබීජ නැසෙන්නටයි.

එසේ සිය සම කිඹුලකු මෙන් සකසා ගත් පසු මේ පිරිමි දරුවන් භූත නිවෙස් වල මාස ගණනාවක් ජීවත්විය යුතුය . ඒ ආගමික සහ ජීවනෝපාය ක්‍රමවේද ගැන දැනුම ලබා ගැනිමටයි.

source :www.bbc.com

ගංගාශ්‍රිතව ජිවත්වන පිරිස් බෙහෝමයක් විසින් මෙසේ කිඹුලන් අදහනු ලබන්නේ කිඹුලන් ඔවුන්ගේ ජීවිතයට වඩාත් සමීප සතෙකු නිසා විය හැකිය. මෙසේ සිය කඩතෝලු කර ගැනිම නිසා ඇතිවන වේදනාව අවසන් වීමෙන් පසු ඒ පිරිමි දරුවන් ජීවිතයේ ඔුනෑම දෙයක් කිරීමට සුදුස්සන් බව ඔවුන් විශ්වාස කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි