×

සංක්‍රමණික බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී අනතුරකට

සංක්‍රමණිකයන් 23 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලිබියාවේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේදී පසුගිය සෙනසුරාදා පෙරළී ගිය අතර පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදහන් වී මිය ගොස් ඇතැයි බලධාරීහු පවසයි.


ලිබියාවේ වෙරළාරක්ෂක බළකාය පැවසුවේ ඊජිප්තුවරුන් සහ සිරියානුවන් 23 දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කණ්ඩායමක් නැගෙනහිර ටොබ්රුක් නගරයෙන් පෙර දින පිටත් වූ බවයි.

සංක්‍රමණිකයන් තිදෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇත. එක් මළ සිරුරක් පමණක් සොයා ගෙන ඇති අතර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව බලධාරින් පවසයි.

උතුරු අප්‍රිකානු රටවල පිරිස් මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපීය වෙරළට ළඟා වීමට දරන උත්සාහයන්හි අඩුවක් නොවේ.

යුරෝපයේ යහපත් ජීවිතයක් අපේක්ෂා කරමින් අප්‍රිකාවේ සහ මැද පෙරදිග යුද්ධයෙන් සහ දරිද්‍රතාවයෙන් පලා යන සංක්‍රමණිකයන්ගේ ප්‍රමුඛ සංක්‍රමණික ස්ථානය ලෙස ලිබියාව කැපී පෙනේ.

මෑත වසරවල මිනිස් ජාවාරම්කරුවන් ලිබියාවේ මෙම තත්වයෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, තෙල්වලින් පොහොසත් මෙම රටේ ජාතීන් හයක් සමඟ දිගු දේශසීමා හරහා සංක්‍රමණිකයන් ජාවාරම් කිරීම කැපී පෙනේ.

ලිබියාවේ දේශපාලන පරිසරය මේ වන විට පසුවන්නේද අර්බුධකාරි පසුබිමකයි. මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් අවිධිමත්ව සැකසු බෝට්ටු මගින් අවදානම් සහිත මුහුදු ගමන් සඳහා පිටත් කර යවනු ලැබේ.

එය ජාවාරම් කරුවන්ගේ ප්‍රධනම ආදායමයි.

2022 වසරේ පළමු මාස දෙක තුළ මධ්‍යම මධ්‍යධරණී මාර්ගයේ සංක්‍රමණිකයන් 192 දෙනෙකු දියේ ගිලී මිය ගිය බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

එසේම 2930 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන නැවත ලිබියාවට පිටත් කර තිබේ.

2021 වසරේදි දී අවම වශයෙන් සංක්‍රමණිකයන් 32425ක් අත්අඩංගුවට ගෙන නැවත ලිබියාවට පැමිණ ඇත.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව, අවම වශයෙන් 1,553 ක් එම වසරේ දියේ ගිලී මිය ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි