×

සංක්‍රාන්තී සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් පැවැති රෑ රැජින තරඟයේ කිරුළ පිලිපීනයට

''මිනිසෙකු වීමේ හා සංක්‍රාන්ති කාන්තාවක් වීමේ සුන්දරම සම්පත දැනුමෙන් පිරුණු හිසක් පමණක් නොවන බව මම නිතරම සිතමි. ආදරය හා ගෞරවය පිරුණු හදවතක්, සවන් දීමට සූදානම් සහ කනක්  හිමි විය යුතුය. මගේ සංක්‍රාන්ති ගමන පුරාවට මට ලැබුණු හොඳම තෑග්ග මගේම නිවසේ පිළිගැනීමයි,


Miss International Queen 2022 හෙවත් සංක්‍රාන්තී සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් පැවැති තරඟයේ කිරුළ දිනාගැනීමට Fuschia Anne Ravena සමත්ව තිබේ. 27 හැවිරිදි ඇය වෘත්තියෙන් ව්‍යවසායකයෙකු වේ.

”එක්ව අභිමානය” කරා යන තේමාව යටතේ මෙවර සංවිධානය වූ මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟය පිරිමියෙකු ලෙස ඉපිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා විවෘතය. 2021 වසරේ Covid-19 වසංගතය හේතුවෙන් අවලංගු කර තිබූ මෙම උළෙල මෙවර මහත් අභිමානයෙන් පැවැත්වූ බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ. තරඟකරුවන් 23 දෙනෙකු අතරින් දෙවන (Jasmine Jimenez ) හා තෙවන (Aëla Chanel) ස්ථාන පිළිවලින් කොළොම්බියාවට හා ප්‍රංශයට හිමි විය.

තරඟාවලියේ ප්‍රශ්නෝත්තර වටයේදී ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලද Fuschia Anne Ravena සංක්‍රාන්ති ලිංගික රූ රැජිනක් වීමේ අරමුණ සම්බන්ධයෙන් දෙන ලද පිළිතුර පිළිබඳව කාගේත් කතාබහට ලක්විය. එනම් ”මිනිසෙකු වීමේ හා සංක්‍රාන්ති කාන්තාවක් වීමේ සුන්දරම සම්පත දැනුමෙන් පිරුණු හිසක් පමණක් නොවන බව මම නිතරම සිතමි. ආදරය හා ගෞරවය පිරුණු හදවතක්, සවන් දීමට සූදානම් සහ කනක්  හිමි විය යුතුය. මගේ සංක්‍රාන්ති ගමන පුරාවට මට ලැබුණු හොඳම තෑග්ග මගේම නිවසේ පිළිගැනීමයි, සංක්‍රාන්ති ප්‍රජාවට තවමත් සමානාත්මතාවය සඳහා වන සටනේ විශාල දුරක් යාමට තිබේ.” ලෙසයි ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබුණේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි