×

සංගීතය ඇලජික් ඇෆ්ගනිස්තානය

නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ මංගල උත්සවයකට තලේබාන්වරුන් ලෙස හඳුන්වා ගත් තුවක්කුකරුවන් කඩාපැන එහි සංගීතය වාදනය කිරීම නැවැත්වීමට බල කර වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


කෙසේවෙතත්, තලේබාන් ප්‍රකාශකයකු පැවසුවේ තුවක්කුකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති මුත් ඔවුන් සිය ඉස්ලාමීය ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියා කළ බව ප්‍රතික්ෂේප කරන බවයි.

එසේ වූවත් 1996 සිට 2001 දක්වා තලේබාන්වරු රට පාලනය කරන විට සංගීතයන් විවිධ අවස්ථා වල තහනමට ලක් විය.

නමුත් නව තලේබාන් බලධාරීන් තවමත් එවැනි නියෝගයක් නිකුත් කර නොමැත. පසුගිය සිකුරාදා නන්ගර්හාර් පළාතේ සුර්ක් රොඩ් දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විවාහ මංගල්‍යයක ජෝඩු හතරක් විවාහ වි තිබේ.

ඔවුන් කාන්තාවන් පමණක් භාවිතා කරන ප්‍රදේශයක පටිගත කරන ලද සංගීතය වාදනය කිරීමට ප්‍රාදේශීය තලේබාන් නායකයෙකුගෙන් අවසර ලබාගෙන ඇත. නමුත් රාත්‍රියේදී තුවක්කුකරුවන් බලහත්කාරයෙන් ඇතුළට ගොස් ශබ්ද විකාශන යන්ත්‍ර කඩා දැමීමට උත්සාහ කර ඇති අතර, විවාහයට පැමිණි පිරිස් විරෝධය පළ කරන විට ආයුධ සන්නද්ධ පුද්ගලයන් ඔවුන්ට වෙඩි තබා ඇත.

තලේබාන් මාධ්‍ය ප්‍රකාශක Zabihullah Mujahid පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බවයි.

තලේබාන් සංවිධානයට විරුද්ධ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම නන්ගර්හාර් හි ද ක්‍රියාකාරී වන අතර මීට පෙරද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

නමුත් තලේබාන් සංවිධානය බලයට පත් වූ දා සිට ගායකයෙකු ඝාතනය කිරීම සහ විවිධ ස්ථානයන් හි සංගීත භාණ්ඩ විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමට චෝදනා එල්ල වී තිබේ. බොහෝ ගායකයින් සහ සංගීතඥයින් දැනටමත් ඇෆ්ගනිස්ථානයෙන් පලා ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි