×

පරාජය අබියස සිටින ට්‍රම්ප්, සති අන්තයේ ‘‘විජයග්‍රාහී රැළියක්‘‘ පැවැත්වීමට සූදානම් – වෛරයේත් ක්‍රෝධයේත් කැම්පේන් දිගටම වැඩ!

මේ සති අන්තයේ සිය පාක්ෂිකයන් ධෛර්යමත් කිරීම සඳහා ‘විජයග්‍රාහී රැළියක්‘ පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කරයි.


මේ බව හෙළි කරන්නේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතයි.

එම වාර්තාවට අනුව, ඇස් මානයේ පෙනෙන පරාජය හමුවේ ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටින්නේ මහත් කලබලකාරී බවකිනි. ඒ අතරම සිය මීළඟ පියවර සැලසුම් කිරීමක් ලෙස ඔහු මෙම රැළිය සලකා බලමින් සිටියි.

නමුත් අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන තෙක් එය කළ යුතුද යන ගැටළුව හමුවේ ට්‍රම්ප්ගේ උපදේශකයන් ද බෙදුණු මතයක් දරන බව වැඩිදුරටත් එහි දැක්වේ.

මේ අතර, ඔහුගේ පුතුන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් සහ එරික් ද උමතුවෙන් මෙන් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ සහයෝගය ට්‍රම්ප් වෙත ලබාගැනීමට උත්සාහ කරන බව ඊයේ දිනයේ අපි වාර්තා කළෙමු.

කියවන්න – ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට – ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති

ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට- ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති

2024 ඇමරිකානු මැතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත් වේ යැයි මතයක් තිබෙන එරික් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියන්නේ මෙසේ ය.

‘‘අපි රිපබ්ලිකානුවෝ.. කොන්දක් තියාගන්න. මේ වංචාවට එරෙහිව සටන්වදින්න. බයගුල්ලො වගේ හිටියොත් අපේ ඡන්ද දායකයන් ඒක කවදාවත් අමතක කරන එකක් නෑ..‘‘

මේ අතර, කිසිදු සාක්ෂියක් නොමැතිව විනිවිදභාවයෙන් තොරව බවක් ගැන කතා කළ ට්‍රම්ප් මේ වන විට ‘වීඩියෝ සාක්ෂි‘‘ යන වචනය අල්ලාගෙන තිබේ. ඔහු පවසන්නේ සාධාරණව පැරදීම එක දෙයක්. නමුත් තියෙන වීඩියෝ සාක්ෂිවල හැටියට.. රිපබ්ලිකන් පාක්ෂිකයන් තමන්ගේ ඇත්ත පාට පෙන්විය යුතුයි..‘‘

ට්‍රම්ප් මෙසේ මහජනතාව කුපිත කරමින් සිටියත්, මේ අවස්ථාවේදී බයිඩන් හැසිරෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ ලෙස ය. ඔහු, තමන් පදිංචි වී සිටින ඩෙලවෙයා හි විල්මයිටන් වේදිකාවට දෙවරක් ගොඩ වී කතා කළ අතර, එහිදී නවතම තත්වය ගැන යාවත්කාලීන කිරීමක් කර, ජයගන්නා බව විශ්වාස නමුත් සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර විස්කොන්සින්, ජෝර්ජියා ආදී ජනපදවල බයිඩන් කුඩා ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියට පැමිණීමත් සමග ට්‍රම්ප් දැන් සැරසෙන්නේ එම ඡන්ද නැවත ගණන් කිරීමක් ලබාගැනීමට ය.

ට්‍රම්ප් අධිකරණය ඉදිරියේ විහිළුවක් වන හැඩ

ජනපද තුනක ප්‍රතිඵල වලට විරුද්ධව ද ට්‍රම්ප් මේ වන විට නඩු පවරා තිබේ.

ජෝර්ජියා ජනපදයේ ඡන්ද නැවත ගණන් කළ යුතු බව කියමින් නීති සහාය පැතීමට ට්‍රම්ප් ඊයේ කටයුතු කළ නමුත්, පැයකටත් අඩු කාලයකදී අධිකරණය එය ඉවත දැමුවේය.

මේ අතර මිචිගන් ජනපදයේ ඡන්ද ගණන් කිරීම නතර කරන ලෙස ට්‍රම්ප් පාර්ශවයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ද ඊයේ විනිසුරුවරයා ඉවත දැමුවේය.

ප්‍රමාද වීම නියතයි – එහි ප්‍රතිඵලය අනියතයි

ඇමරිකානු ඉතිහාසයේ ඡන්ද ප්‍රතිඵල ලැබීම ඇතැම්විට මාසයකින් පමණ ප්‍රමාද වූ අවස්ථාවන් ද තිබේ.

2000 වසරේදී ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, විස්කොන්සින් ජනපදය ජයග්‍රහණය කළ විට එය අභියෝගයට ලක් වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් සනාථ කර ගැනීමට සිදුවීමයි. ඒ සඳහා මසක කාලයක් ගත විය.

දැන් තිබෙන ප්‍රශ්නය, මැතිවරණ ප්‍රතිඵල කෙසේ හෝ ප්‍රමාද කිරීමට, අත්හිටුවීමට හෝ ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට ට්‍රම්ප් දිගින්දිගටම ගන්නා උත්සාහයන් එකක් හෝ සාර්ථක වී, එහි අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට තවත් දින ගණනාවක් ගතවුවහොත්, ඔහු විසින් ඇමරිකාව පුරා වපුරන වෛරයේත්, ක්‍රෝධයේත් ව්‍යාපාරය කෝටියක් කෝවිඩ් ආසාදිතයන් සිටින රට කොතැනකට ගෙනයාවිද යන්නයි.

 

පෙර ලිපිය

ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් කාලය අවශ්‍යයි

ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් කාලය අවශ්‍යයි

ඇමරිකානු මැතිවරණය 2020 පිළිබඳ පළ වූ සියලු ලිපි මෙතැනින් කියවන්න..
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි