×

‘සදහටම‘ ඇරඹෙන්නේ දැන් ය! – ‘Forever Starts Now’

සුපිරි හින්දි නිළි ප්‍රියංකා චොප්රා, ඇමරිකානු ගායක නික් ජෝනාස් සමග අතිනත ගත් මංගල උත්සවයේ ප්‍රථම ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.


ඉන්දියාවේ ජෝද්පූර් හිදී පැවැත්වූ මෙම මංගලෝත්සවයේදී නික් ජෝනාස් සැරසී සිටියේ නියම හින්දි මනාලයෙකු ලෙසිනි.

මෙම මංගලෝත්සවය ක්‍රිස්තියානි සහ හින්දි යන ක්‍රම දෙකටම පැවැත්වූ අතර, ක්‍රිස්තියානි ක්‍රමයේ මංගලොත්සවය දෙසැම්බර් 1 වැනිදා පැවැත්විණි. එහිදී නව යුවළ සැරසී සිටියේ රැල්ෆ් ලෝරන් විලාසිතාවලිනි. දෙසැම්බර් 2 වැනිදා පැවැත්වූ හින්දු මංගලෝත්සවයේදී ඔවුන් දෙදෙනා සැරසී සිටියේ සබයාසචි විලාසිතාවලිනි.

Instergram

Instergram

‘Forever Starts Now’ – ‘සදහටම, දැන් ඇරඹෙයි!‘ මේ ප්‍රියංකා චොප්රා, ඉන්ස්ටර්ග්‍රෑමයේ කියා තිබූ කතාවයි. එම ඡායාරූපයේ සුදු වේල් පට ඇතුළු සරාගී මංගල ඇඳුමකින් සැරසී සිටින ප්‍රියංකා චොප්රාගේ අත, නික් ජෝනාස් මහත් සෙනෙහසින් සිප ගන්නා අයුරු එහි සටහන් වී තිබිණි.

පෙර ලිපිය –

ප්‍රියංකා චොප්රා – නික් ජෝනාස් : කොන්දේසි විරහිත ගෝලීය පෙම් පුවතක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි