×

සමරිසි විවාහයට පනවා තිබූ තහනම ව්‍යවස්ථා විරෝධී බව ජපාන අධිකරණය තීන්දු කරයි!

ජපානයේ සමරිසි විවාහයට එරෙහිව පනවා තිබූ තහනම ව්‍යවස්ථා වි‍රෝධී බවට එරට සැප්පෝරෝ දිස්ත්‍රික් අධිරණයක් විසින් තීන්දු කර තිබේ.


ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විවාහයක් සිදුවිය හැක්කේ ලිංග දෙකම (both sexes) අතර බවට දැක්වෙයි.

සැප්පොරෝ අධිකරණය තීන්දු කර සිටියේ මෙම වගන්තිය මඟින් සබඳතා පැවැත්වීම සඳහා පුද්ගලයින් සතු ව්‍යවස්ථානුකූල අයිතිය නොසලකා හැර තිබෙන බවයි.

ජී7 කාණ්ඩයේ සංවර්ධිත රටවල් අතරින් සමරිසි විවාහය අවහිර කර තිබූ එකම රාජ්‍යය ජපානයයි.

අදාළ නඩුකරය තුළ පැමිණිලිකාර පාර්ශවය විසින් විෂමරිසි යුවල් හා සමාන අයිතීන් නොලැබුණේ යැයි ඉල්ලා තිබූ ඩොලර් නවදහසක (යෙන් මිලියන එකක) වන්දිය සැප්පොරෝ අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කළ මුත්, සමරිසි පුද්ගලයින් හට විෂමරිසි පුද්ගලයින් හා සමානව ම විවාහ වීමේ අයිතිය අවහිර කර තිබීම ව්‍යවස්ථා විරොධී බව නිගමනය කළේය.

සැප්පොරෝ දිසා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්න ද ජපානයේ ව්‍යවස්ථාදායකය හරහා සමරිසි පුද්ගලයින්ගේ විවාහ වීමේ අයිතිය තහවුරු කරනු ඇති ද යන්න තවමත් අවිනිශ්චිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි