×

සමලිංගික විවාහ තහනම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණය තීන්දු කරයි

ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවාහය ‘ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම’ අතර සිදුවන්නක් බවටම අර්ත දක්වා ඇත. එවැනි පසුබිමක සමලිංගික විවාහ පිළිගැනීමට රට අපොහොසත් වීම ‘ව්‍යවස්ථා විරෝධී’ බව ජපානයේ උතුරු දූපතක් වන හොක්කයිඩෝ හි අගනුවර වන ස්ප්පොරෝ හි දිස්ත්‍රික් උසාවිය මඟින් තීන්දු කර තිබේ. LGBT හෙවත් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකෙන මෙම තීන්දුව, උක්ත වගන්තිය […]


ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවාහය ‘ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම’ අතර සිදුවන්නක් බවටම අර්ත දක්වා ඇත. එවැනි පසුබිමක සමලිංගික විවාහ පිළිගැනීමට රට අපොහොසත් වීම ‘ව්‍යවස්ථා විරෝධී’ බව ජපානයේ උතුරු දූපතක් වන හොක්කයිඩෝ හි අගනුවර වන ස්ප්පොරෝ හි දිස්ත්‍රික් උසාවිය මඟින් තීන්දු කර තිබේ.

LGBT හෙවත් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකෙන මෙම තීන්දුව, උක්ත වගන්තිය ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති එරට සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන්නක් බවට අදාල අධිකරණය තීන්දු කළේය.

ජපානය යනු සංවර්ධිත රටවල් හි එකතුව හෙවත් ජී7 කාණ්ඩයේ සමලිංගික විවාහයන්ට ඉඩ ලබා නොදෙන එකම රාජ්‍යයයි.

මෙහිදී සමරිසි යුවල් වලට විෂමරිසි යුවල් හා සමාන අයිතිවාසිකම් නොලැබීම හේතුවෙන් එක් පුද්ගලයෙකුට යෙන් මිලියනයක් (ඩොලර් 9,000; ඩොලර් 6,480) ක් වූ වන්දි මුදලක් ඉල්ලීමට පැමිණිලිකාර පාර්ශවය කටයුතු කළ මුත්, සප්පෝරෝ අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත් සමරිසි ප්‍රජාවන් හට විවාහ වීමට ඇති අයිතිය අවහිර කර තිබීම ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය නිගමනය කළේය.

සියලුම දිස්ත්‍රික් උසාවි සමලිංගික ඒකක පිහිටුවා ගැනීම ව්‍යවස්ථානුකූල යැයි ප්‍රකාශ කළද, එය සමලිංගික විවාහ නීතිගත කිරීමට ප්‍රමාණවත් නොවේ. එරට නීතිය වෙනස් කිරීමේ වර්තමාන දේශපාලන නැමියාව ඇල්මැරුණු එකක් විම ඊට හේතුවයි.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ජපානයේ ව්‍යවස්ථාව, විවාහය අර්ථ දක්වන්නේ “ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම” අතර අන්‍යෝන්‍ය එකඟතාවයෙන් සිදුවන දෙයක් ලෙස යි.

2015 සිට ජපානයේ ඇතැම් නගරවල සමරිසි යුවල් සඳහා සහතික නිකුත් කර ඇත. නමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන ඇතැයි නොසැලකෙන අතර, එසේ විවාහක යුවළයන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමක් සිදු නොවෙයි.

එහෙත් මෑත කාලයේ සිදුකරන ලද ජනමත විචාරණයන් ගෙන් හෙළි වී ඇත්තේ ජපන් තරුණ තරුණියන්ගෙන් බහුතරයක් සමලිංගික විවාහයට කැමැත්තක් දක්වන බවයි.

විවාහය වූ කලී ලිංගිකත්වය මත පිහිටා සිදුවන කායික මට්ටමේ බන්ධනයක් නොවන බව යුරෝපීය  රටවල පිලි ගැනිමයි.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි