×

සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට බොට්ස්වානා තීන්දුවක්

සමලිංගිකත්වය සාපරාධී ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට 2019 දී රජය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.


සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට පත් කරන ලද තීන්දුවක් බොට්ස්වානා අභියාචනාධිකරණය විසින් තහවුරු කිරීම සම්බන්ධයෙන් LGBTQ අයිතිවාසිකම් පුරවැසි සංවිධාන සිය සතුට පළ කළ අතර, රටේ අධිකරණය අනෙකුත් අප්‍රිකානු රටවලට ආදර්ශයක් ලබා දී ඇති බව පවසයි.

සමලිංගිකත්වය සාපරාධී ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට 2019 දී රජය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

සමලිංගිකත්වය සාපරාධී ලෙස සලකන යටත් විජිත යුගයේ නීති අවලංගු කිරීමට කෙන්යාවේ ගත් අසාර්ථක උත්සාහයෙන් පසුව, මෙවැනි තීන්දුවක් අප්‍රිකානු මහාද්වීපයේ සමලිංගික අයිතිවාසිකම් සංවිධානයන්හි විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් කර තිබුණි.

පසුගිය සඳුදා රජය පාර්ශවයේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ සමලිංගික සබඳතා අපරාධයක් බවට සහතික කිරීම LGBTQ+ පුද්ගලයින්ගේ අභිමානය, නිදහස, පෞද්ගලිකත්වය සහ සමානාත්මතාවය සඳහා වන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

2019 වසර තෙක් මෙම තීන්දුවට පෙර, සමලිංගික සේවනය වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් විය.සමලිංගිකත්වය බොහෝ අප්‍රිකානු රටවල නීතිවිරෝධී වන අතර සමහර ප්‍රාන්තවල මරණීය දණ්ඩනයට යටත් වන වරදක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි