×

සමාවෙන්න කෝටානා, ගේට්ස් විකුණන්නෙත් ඇලෙක්සා:

මේ අනුව ශ්‍රව්‍ය සහායක වෙලදපොලේ කෝටානාට තිබූ ස්ථානය අහිමිව යමින් පවතින අතර දැනට එහි ප්‍රමුඛම ස්ථාන වල සිටින්නේ ඇලෙක්සා,ගීගල් ඇසිස්ටන්ට් හා සිරි ශ්‍රව්‍ය සහායකයන් ය.


මයික්‍රොසොෆ්ට් උපාංග වල සහයක ලෙස කටයුතු කරන කෝටානා වාර්තාගත ලෙස පුද්ගලික සහයකයෙකු ලෙස කටයුතු කරයි. නමුත් මේවන විට මයික්‍රොසොෆ්ට් කෘත්‍රිම බුද්ධිය හි පර්‍යේෂණ අංශය එය කෝටානා වෙනුවට ඇමසෝන් හී ඇලෙක්සා සහයක තාක්ෂණය හා එක් කිරීමට කටයුතු කරමින් සිටියි.

මයික්‍රොසොෆ්ට් ආයතන විසින් සිය වෙළද දායකයන්ව කෝටානා උපාංග වෙනුවට, පසුගියදා වෙළදපොළට නිකුත් වූ එකෝ ඩොට්, රෙගියුලර් එකෝ Echo Dot and regular Echo වැනි ඇලෙක්සා උපාංග මිලදී ගැනීමට පොළඹවයි.

වෝකින් කැට් නම් ට්වීටර් පරිශීලකයකු කියාසිටියේ කෝටානා හා අලෙක්සා යන උපාංගය ද්විත්වයම මයික්‍රොසොෆ්ට් හී මාර්ගගත වෙලදපොලේ විකිණීමට ඇති බවයි.

මේ අනුව ශ්‍රව්‍ය සහායක වෙලදපොලේ කෝටානාට තිබූ ස්ථානය අහිමිව යමින් පවතින අතර දැනට එහි ප්‍රමුඛම ස්ථාන වල සිටින්නේ ඇලෙක්සා,ගීගල් ඇසිස්ටන්ට් හා සිරි ශ්‍රව්‍ය සහායකයන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි