×

සර්ප දූපතට ෆොස්පරස් බෝම්බ හෙළූ බවට යුක්රේනයෙන් රුසියාවට චෝදනා

ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව  Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන පොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.


කළු මුහුදේ යුක්‍රේන වරායවලින් ආරක්ෂිත ධාන්‍ය අපනයන සංවිධානය කිරීමට රුසියාව එක්සත් ජාතීන්ගේ ප්‍රයත්නයන්ට බාධා නොකරන බව ප්‍රදර්ශනය කරමින් තමන් සර්ප දූපතින් ඉවත් වන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විස්තර කරන ලදි. ඉන් දිනකට පසු ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව  Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන ෆොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.

මෙම සර්ප දූපත ඩැනියුබ් ඩෙල්ටාවේ සිට කිලෝමීටර් 35ක් (සැතපුම් 22) පමණ දුරින් යුක්‍රේන වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අතර යුද්ධය ආරම්භ වීමට පෙර යුක්‍රේන දේශසීමා මුරපොලක් ලෙස ක්‍රියාත්මක විය. යුක්‍රේන හමුදාවේ ප්‍රධානී Valeriy Zaluzhnyi සිකුරාදා Telegramහි සඳහන් කර තිබුණේ ”අද 18:00 ට පමණ රුසියානු ගුවන් හමුදාවේ Su-30 ගුවන් යානා Zmiinyi දූපතට දෙවරක් පොස්පරස් බෝම්බ සමඟ ප්‍රහාර එල්ල කළ බවයි.” යුක්‍රේන ප්‍රකාශය සමඟින් ඇති වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ ගුවන් යානයක් අවම වශයෙන් දෙවරක් දිවයිනට බෝම්බ හෙළන අයුරුයි.


ෆොස්රපස් අවි සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කිරීම ජාත්‍යන්තර සම්මුතියක් යටතේ තහනම් කර ඇති නමුත් මිලිටරි ඉලක්ක සඳහා අවසර දී ඇත. යුක්රේනය ආක්‍රමණය කළ දා සිට අවස්ථා කිහිපයකදී මෙම ෆොස්පරස් බෝම්බ සිවිල් වැසියන් වෙත ඉලක්ක වූ බව යුක්රේනය චෝදනා කරන අතර රුසියාව එය ප්‍රතික්ෂප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි