×

”ස්ට්‍රෝබෙරි සඳ” මේ සතියේ …

NASA ආයතනයට අනුව ඉරිදා දින සඳ උදාවේ සිට බදාදා සඳ බැස යන තෙක් පූර්ණ හැඩැති චන්ද්‍රයෙක් දිසිවනු ඇත. අඟහරුවාදා පෙ.ව. 7:52 ට එහි උච්චතම අවස්ථාවට ළඟාවන මුත් උතුරු ඇමරිකාවේ සම්පූර්ණයෙන්ම නොපෙනී යන බව ප්‍රකාශ වේ. මේ සඳහා නිශ්චිත නිර්වචනයක් නොමැති අතර ”සුපර් මූන්” යන නමින් හඳුන්වන්නේ පෘථිවියට සමීප කක්ෂයේ ඇති නිසා අනෙකුත් චන්ද්‍රයන්ට සාපේක්ෂව 14%ක […]


NASA ආයතනයට අනුව ඉරිදා දින සඳ උදාවේ සිට බදාදා සඳ බැස යන තෙක් පූර්ණ හැඩැති චන්ද්‍රයෙක් දිසිවනු ඇත. අඟහරුවාදා පෙ.ව. 7:52 ට එහි උච්චතම අවස්ථාවට ළඟාවන මුත් උතුරු ඇමරිකාවේ සම්පූර්ණයෙන්ම නොපෙනී යන බව ප්‍රකාශ වේ. මේ සඳහා නිශ්චිත නිර්වචනයක් නොමැති අතර ”සුපර් මූන්” යන නමින් හඳුන්වන්නේ පෘථිවියට සමීප කක්ෂයේ ඇති නිසා අනෙකුත් චන්ද්‍රයන්ට සාපේක්ෂව 14%ක විශාලත්වයකින් හා 30% දීප්තියකින් යුක්ත වන නිසාවෙනි.

ජූනි මස දිස්වන පූර්ණ චන්ද්‍රයා වෙනුවෙන් ”ස්ට්‍රෝබෙරි සඳ” යන නාමය ලැබී ඇත්තේ ඊසානදිග එක්සත් ජනපදයේ ආදිවාසී කණ්ඩායම් අතර එන සම්ප්‍රදායන් හේතුවෙනි.  Haidaයන ජන වර්ගය සඳ හඳුන්වන්නේ ‘ඉදුණු බෙරි සඳ ලෙසයි’. යුරෝපා කලාපයෙන් ලැබෙන ඵෙතිහාසික සාක්ෂීනට අනුව මෙම පූර්ණ චන්ද්‍රයා දිස් වීමත් සමඟ මී පැණි අස්වනු නෙලීම ආරම්භ කරන බව කියැවේ’. ඒ අනුව ඔවුන් මෙම චන්ද්‍රයා හඳුන්වන්නේ ”මධු සඳ” වශයෙනි. Algonquin, Ojibwe, Dakota සහ Lakota යන ජන වර්ග මෙම ආකාශ සිදුවීම, ස්ට්‍රෝබෙරි සහ අනෙකුත් ඉදුණු පලතුරු රැස් කිරීමට සූදානම් බවට ලකුණක් ලෙස දකියි.
හින්දු ආගමිකයන්ට අනුව මෙව වට් පූර්ණිමය යන උත්සවයට අනුරූප වේ. බෞද්ධයන් ආගමිකයන් සඳහා, මෙම සඳ පොසොන් සඳ වනු ඇත.

ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තාරකා භෞතික විද්‍යාඥ Jacqueline Faherty පවසනුයේ සඳ දෙස බැලීමට සුදුසුම කාලය වන්නේ එය නැගී එන හෝ බැස යන වේලාවයි, එවිට එය පියවි ඇසට විශාලතම ලෙස පෙනෙන බවයි.
මෙම මස තුළ දිස්වන ස්ට්‍රෝබෙරි චන්ද්‍රයාගේ සුන්දරතම දසුන එක්සත් ජනපයේ දකුණු අර්ධයට හා නිරිත දිග ප්‍රදේශයට දර්ශනය වනු ඇති බව NASA ආයතනය ප්‍රකාශ කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් CNN කාලගුණ විද්‍යාඥ Gene Norman ප්‍රකාශ කර තිබුණේ සතිය මුලදී කුණාටු මාලාවක් ඊසානදිග සහ මහා විල් ප්‍රදේශ හරහා ගමන් කරනු ඇති අතර එමඟින් වලාකුළු සහිත තත්වයන් නිර්මාණය වන අතර එමඟින් පූර්ණ චන්ද්‍රයාගේ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීමට අපහසු වනු ඇති බවයි.
Old Farmers’ Almanacට අනුව 2022 වසරේ තවත් මෙවැනි චන්ද්‍රයන් සය දෙනෙකු පවතිනු ඇති බව කියැවේ. මීට අමතරව මෙම වසර තුළ ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, යුරෝපය, ඊසානදිග අප්‍රිකාව, මැදපෙරදිග, බටහිර ආසියාව, ඉන්දියාව සහ බටහිර චීනයට අර්ධ සූර්යග්‍රහණයක් ඔක්තෝබර් 25 වැනිදා දිස්වනු ඇති අතර , ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික්, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකානු කලාපයට නොවැම්බර් 8 වැනි දින පෙ.ව. 3:01 සිට පෙ.ව. 8:58 දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකි බව NASA ආයතනය විසින් තොරතුරු අනාවරණය කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි