×

ස්මාර්ට් ටීවී ඔබ ගැන ඔත්තු බලයි?

කළු සිකුරාදා Black Friday සහ සයිබර් සඳුදා Cyber Monday සුපිරි විකුණුම් ඔබේ බැංකු ගිණුමට ආශීර්වාදයක් වනවාත් සමඟම, සයිබර් අපරාධකරුවන්ට බරපතල ප්‍රතිලාභ ලබා දිය හැකි බව අවස්ථාවක් බව FBI වාර්තා කරයි.


කළු සිකුරාදා Black Friday සහ සයිබර් සඳුදා Cyber Monday සුපිරි විකුණුම් ඔබේ බැංකු ගිණුමට ආශීර්වාදයක් වනවාත් සමඟම, සයිබර් අපරාධකරුවන්ට බරපතල ප්‍රතිලාභ ලබා දිය හැකි බව අවස්ථාවක් බව FBI වාර්තා කරයි.

පාරිභෝගිකයින්ට පූර්ව නිවාඩු පණිවුඩයක් ලෙස ඔවුන් දක්වන්නේ, “ස්මාර්ට් ටීවී”- අන්තර්ජාල ප්‍රවාහය සහ මුහුණු හඳුනාගැනීමේ හැකියාවන්ගෙන් සමන්විත රූපවාහිනී ඔස්සේ පරිශීලකයන් ආක්‍රමණයට ගොදුරු විය හැකි බවයි.

නව උසස් තාක්‍ෂණික අංගයන් රූපවාහිනී නිෂ්පාදකයින්ට සහ යෙදුම් සංවර්ධකයින්ට පාරිභෝගිකයින්ට අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ සලසන අයුරු දැක්වීමට අමතරව, අනිෂ්ට සයිබර් ක්‍රියාකාරීන්ට අනාරක්ෂිත ස්මාර්ට් ටීවී පාලනය කළ හැකි බවත් ඊට ගොදුරු වන පරිශීලකයන්ට ඉමහත් අලාභ හානි සිදු කළ හැකි බව ඔව්න් පවසයි.

“ස්මාර්ට් ටීවී සහ උපාංග සංකීර්ණ මෘදුකාංග ධාවනය කරයි, ඒවාහි අන්තර්ජාල සම්බන්ධතා ඇති අතර බොහෝ විට මයික්‍රොෆෝන වැනි සංවේදක ඇත” යැයි බ්‍රිතාන්‍ය සංඥා බුද්ධි සේවයේ සයිබර් ආරක්ෂණ විශේෂඥ සහ GCHQ හි හිටපු විශ්ලේෂක මැට් ටේට් පවසයි.

“මෙම විශේෂාංග මඟින් අන්තර්ජාල ප්‍රවාහ සේවා සහ හඬ විධාන වැනි දේ සක්‍රීය කරයි. නමුත් උපාංගය අඩපණ වුවහොත් එය හැකර්වරුන් බේරාගත නොහැකි තත්ත්වයට පැමිණේ.”

“අවදානම් වර්ණාවලියේ පහළ කෙළවරේ සිටිමින්, ඔවුන්ට නාලිකා වෙනස් කිරීමට, ශබ්ද පරිමාණ සමඟ සෙල්ලම් කිරීමට සහ ඔබේ දරුවන්ට නුසුදුසු වීඩියෝ පෙන්වීමට හැකිය” යනුවෙන් එෆ්බීඅයි අනතුරු ඇඟවීම සඳහන් කරයි.

“උපරිම අවස්ථාවක, ඔවුන්ට ඔබේ නිදන කාමරයේ රූපවාහිනියේ කැමරාව සහ මයික්‍රෆෝනය සක්‍රිය කර නිහඬව ඔබව cyberstalk කරන්න පුළුවන්.”

සිදුවිය හැකි ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීම සඳහා, ස්මාර්ට් ටීවී හිමිකරුවන් ඔවුන්ගේ උපාංගයේ ආරක්ෂක සැකසුම් (සරල ගූගල් සෙවුමකින් ලබා ගත හැකිය) පිළිබඳව දැනුවත් වීම, නිෂ්පාදකයින් විසින් සකසා ඇති පෙරනිමි ජාල මුරපද වෙනස් කිරීම සහ මයික්‍රොෆෝන සහ කැමරා සක්‍රීය හා අක්‍රීය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට FBI නිර්දේශ කරයි.

යම් ස්මාර්ට් ටීවී එකක් කැමරාවන් අක්‍රීය කිරීමට ඉඩ නොදෙන්නේ නම්, කාර්යාංශය පවසන්නේ කැමරාව මත කළු පටි තැබීම වැනි මූලික හා සරල විසඳුමක් ලබා දෙන ලෙසයි.

ස්මාර්ට් ටීවී නිෂ්පාදකයින් විසින් සාමාන්‍යයෙන් නිකුත් කරන මෘදුකාංග යාවත්කාලීන කිරීම් software updates වහාම ස්ථාපනය කිරීම පාරිභෝගිකයින්ට අතිශයින්ම වැදගත් බව ටේට් අනතුරු අඟවයි.

“සාමාන්‍යයෙන්, ඔවුන්ගේ උපාංග යාවත්කාලීනව තබා ගන්නා ගනුදෙනුකරුවන්ට කරදර වීමට ඇති ඉඩකඩ අඩුය ” යනුවෙන් ටේට් පවසයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි