×

ස්වර්ගීය සත්‍ය ගවේෂණය සොයා ගිය චීනයේ Tianwen-1

අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය සහ පස, දූවිලි සහිත රතු කඳු, පලිහ ගිනි කඳු, බලපෑම් ආවාට, දක්ෂිණ ධ්‍රැව අයිස් තට්ටුව, කැනියොන් වල කඳු සහ කඳු වැටි, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියන් පිළිබඳ තොරතුරු රැස් කරමින් රෝද හයේ රෝවරය සිය ගමනේදී ගිගාබයිට් 1,040ක විද්‍යාත්මක දත්ත එකතු කර ඇත.


”ස්වර්ගීය සත්‍ය සඳහා ගවේෂණය” යන තේමාව යටතේ පසුගිය වසරේ දියත් කරන ලද අතර Tianwen-1 යානය අඟහරු ග්‍රහලෝකයම ආවරණය වන පරිදි ඡායාරූප ගැනීම ඇතුළුව පවරා ඇති සියලුම කාර්යන් සම්පූර්ණයෙන්ම ඉටු කරන බව චීනයේ අභ්‍යාවකාශ ඒජන්සිය (CNSA) නිවේදනය කර තිබේ.

අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය සහ පස, දූවිලි සහිත රතු කඳු, පලිහ ගිනි කඳු, බලපෑම් ආවාට, දක්ෂිණ ධ්‍රැව අයිස් තට්ටුව, කැනියොන් වල කඳු සහ කඳු වැටි, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියන් පිළිබඳ තොරතුරු රැස් කරමින් රෝද හයේ රෝවරය සිය ගමනේදී ගිගාබයිට් 1,040ක විද්‍යාත්මක දත්ත එකතු කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ අඟහරු ග්‍රහයා වටා 1,344 වතාවක් ගමන් කර, සෑම කෝණයකින්ම ග්‍රහලෝකයේ ඡායාරූප ග්‍රහණය කර ගනිමින්, බව (CNSA)සඳහන් කරයි. මෙම ඡායාරූප පෘථිවියේ සිටින විද්‍යාඥයින් විසින් සකස් කර වැඩිදුර අධ්‍යයනය සඳහා පර්යේෂණ කණ්ඩායම් වෙත භාර දී ඇති බවත්, තොරතුරු නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සමඟ බෙදාගෙන ඇති බව සඳහන් වේ.

චීනයේ සාර්ථකත්වයට පෙර, එක්සත් ජනපදය සහ පැරණි සෝවියට් සංගමය පමණක් අඟහරු මතුපිටට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වා තිබුණි. නමුත් ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ග්‍රහලෝකයේ කක්ෂයට ඇතුළු වීමට අභ්‍යවකාශ යානා යවා ඇත. ඒ අනුව Tianwen-1 සමඟින්, චීනය ප්‍රථම ස්වදේශික අඟහරු මෙහෙයුම සඳහා orbiter සහ Rover යන දෙකම යැවීමට උත්සාහ කළ පළමු රට බවට විය.
අඟහරුහි ශීත ඍතුවේ දී උෂ්ණත්වය පහත වැටීම මෙන්ම වැලි සහ දූවිලි තත්ත්වයන් හේතුවෙන් මැයි 18 වන දින රෝවරය නිද්‍රාශීලී මාදිලියකට යොමු වූ අතර එය දෙසැම්බර් මාසයේ දී නැවත ක්‍රියාකාරී වනු ඇතැයි (CNSA)නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි