×

ස්විට්සර්ලන්තයේ බුර්කා හා නිකාබ් පැළඳීම තහනමට අනුමැතිය

ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 51% කට වඩා වැඩි පිරිසක් ජන මත විචාරනයකදී ඡන්දය ප්‍රකාශ කරමින් වීථි, කඩ සාප්පු හා ආපනශාලා ඇතුලු පොදු ස්තානයන්හි මිනිසුන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම තහනම් කිරීමට අවශ්‍ය නීතියකට අනුමැතිය ලබා දී තිබේ.


මේ අනුව පොදු ස්ථානයන් හි, කාන්තාවන්ට බුර්කාව හා නිකාබ් පැළඳීමට හැකියාව උදා නොවේ. ප්‍රංශය, බෙල්ජියම සහ ඕස්ට්‍රියාව මීට පෙර මෙම නීතිය සම්මත කර තිබේ.

නමුත් සම්පූර්ණ මුහුණ ආවරණය කිරීම දේව මෙහෙයන් කරන ස්ථානවල සහ ආගමික සැණකෙළිය වැනි “ස්වදේශික සිරිත් විරිත්” සඳහා අවසර ලබා දී ඇත.

සෞඛ්‍ය සහ ආරක්‍ෂිත හේතූන් මත පැළඳ සිටින මුහුණු ආවරණ ද තහනමෙන් නිදහස් කර ඇති අතර, නමුත් කොවිඩ් -19 වසංගතය නිසා පැළඳ සිටින මුහුණු ආවරණ සදහා මෙම නීතිය බලපාන්නේ නොමැත.

ස්විට්සර්ලන්තයේ පාර්ලිමේන්තුව සහ හත් දෙනෙකුගෙන් යුත් විධායක සභාව මෙම ජනමත විචාරණ යෝජනාවට විරුද්ධ විය. ඒ වෙනුවට ඔවුන්, අදාල පිරිසගේ අනන්‍යතාවය නිලධාරීන් තහවුරු කරන ලෙස ඉල්ලා සිටින විට ඔවුන්ගේ මුහුණේ ආවරණ ඔසවා  හඳුන්වා දීමට යෝජනා කළහ.

මුස්ලිම් කණ්ඩායම් මෙම තහනම විවේචනය කර තිබේ. “මෙය පැහැදිලිවම ස්විට්සර්ලන්තයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රහාරයකි. මෙහි අරමුණ වන්නේ මුස්ලිම්වරුන් තව දුරටත් අපකීර්තියට පත් කිරීම හා කොන් කිරීම ය,” මුස්ලිම් ස්ත්‍රීවාදී සාමූහිකයක් වන ලෙස් ෆූලාර්ඩ්ස් වයලට් හි සාමාජික ඉනෙස් අල් ෂික් සදහන් කරයි.

ස්විට්සර්ලන්ත රජයේ වෙබ් අඩවියේ මෙම තහනම පිලබද දක්වමින් “බුර්කාව හෝ නිකාබ් වැනි ආගමික වැස්ම කාන්තාවන්ට හිංසා කිරීමේ සංකේතයක් වන අතර එය අපේ සමාජයට සුදුසු නොවේ” යනුවෙන් සටහන් කර ඇත.

ටිසිනෝ සහ ශාන්ත ගැලන් කැන්ටන්වල ​​දැනටමත් මුහුණු ආවරණ සඳහා දේශීය තහනමක් ඇත. නමුත් තවත් කැන්ටන් තුනක් එවැනි යෝජනා ප්‍රතික්ෂේප කර තිබිණ. විරෝධතා සහ ක්‍රීඩා ඉසව්වල මුහුණු ආවරණ ක්‍රියාවලිය දැනටමත් ස්විට්සර්ලන්තයේ කැන්ටන් 26 න් 15 ක්ම තහනම් කර ඇත

මිලියන 8.6 ක් වන ස්විට්සර්ලන්ත ජනගහනයෙන් 5% ක් හෝ 390,000 ක් පමණ මුස්ලිම්වරු වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුල් පදිංචිය ඇත්තේ තුර්කිය, බොස්නියාව සහ කොසෝවෝ ය. (ද ගර්ඩියන් ඇසුරිනි)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි