×

සාගින්නේ සංකේතය, ” අමාල් හුසේන්” … සාගින්නේම මිය ගියාය..

කෙසේ වෙතත් මෙවැනි අමාල් ලා දහස් ගණනික් යේමනයේ පමණක් නොව ලෝකය පුරාම බිහි වෙමින් සිටිති. සුදහ ගින්දරේ ඔවුන් මරණයට ලං වෙමින් සිටිති... ගහ කොළ නැති ලොවක ඔවුහු අතරමං වී සිටිති. ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍රවලට මැදි වූ මේ අහිංසකයින්ට අනාගතයක් නම් කෙසේ වත් නැත.


ඇගේ නම අමාල් හුසේන්.. ඈ සත් හැවිරිදිය… පසුගියදා ලෝකප්‍රසිද්ධ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මුල් පිටුවේ පළවූ ඇගේ ඡායාරූපයක් නිසා ඈ ගැන ලෝකය පුරා කථාකකරන්ටන පටන් ගත්හ…

ඒ වෙන යම් හෝ කාරණාවක් නිසා නොව … යුද්ධයේ කුරිරු බවත්… ලෝකයේ ආත්මාර්ථකාමී බවත් හේතුවෙන් කුසගින්නේ මිය යන අප්‍රමාණ දරු දැරියන්ගේ සංකේතය බවට පත්වන්නට ඇයට හැකි වූ බැවැනි. මුළු ලෝකයටම යුද්ධයේත් කුසගින්නේත් දරිද්‍රතාවයේත් පාඩමක් උගන්වා ඇය අද වන විට මෙලෝව හැර ගොස් ඇති බව යේමනයේ හුතී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. සම්මානලාභී ඡායාරූප ශිල්පී ටයිලර් හික්ස් මෙම ඡායාරූපය සඳහා පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ඡායාරූපයේ අන්තර් ගතය වූයේ ඉතාමත් වැහැරුණු කෘෂ සිරුරක්ද සහිත අමාල් හුසේන් පසුගිය ඔක්තෝබරයේ යුනිසෙෆ් සංවිධානය විසින් යේමනයේ අස්ලාම් හි පැවති සායනයකට පැමිණි පසුවයි.

ඡායාරූපය පිරෙන්නට ඉතිරී තිබුණේ මෙතරම් ළාබාල දැරිවියක ගේ වේදනාවයි. අනෙකක් නොව කුස ගින්නේ වේදනාවයි. අමාල් හුසේන් .. මේ අසරණිය තීව්‍ර මන්දපෝෂණයකට ලක්වී සිටියාය … අමානුෂීය සිවිල් යුද්ධ විසින් ඔවුන්ව මේ ප්‍රපාතයට ඇද දමා ඇත.

හුසේන්ගේ මව මාරියම් අලී ටයිම්ස් සඟරාවට පවසා තිබුණේ පැවසුයේ අගේ හදවත බිඳී ගිය බවයි. අමාල් සෑම විටම සිටියේ සිනහ මුසු මුහුණින් ඇගේ මව පවසන්නීය. ‘‘මම දැන් මාගේ අනෙක් දරුවන්ගැන දුක්වෙනවා.‘‘

අමාල්ගේ ජායාරූපය ප්‍රකට වීමත් සමග තුර්කි යේ සවුදි කොන්සාල් කාර්යාලයේදී අමානුෂීය ලෙස මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කෙරිණි. ඒ සමග ඇමරිකාව විසින් යේමනයේ දින තිහක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කෙරිණි. ඇමරිකානු සහයෝගයේ සවුදි ඒකාබද්ධ රටවල් සහ ඉරානයේ මූලිකත්වය අනුව හුතී ගරිල්ලන් යේමනය විනාශ කර දමා ඇත. මේ වන විටත් මෙම කණ්ඩායම් දෙක විසින් මරා දමා ඇති අහිසකයින් සංඛ්‍යාව 10000 ආසන්නය.

ලෝක ආහාර සංවිධානය පවසන්නේ මිලියන 12ක ජනතාවක් මේ යුද්ධය නිසා තර්ජනයට ලක්වී ඇති බවයි. එමන්ම පසුගිය වසර 100ක කාලය තුළ ඇති වූ දරුණුතම දුර්භික්ෂයට ඔවුන් මුහුණ දෙමින් සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යේමන නියෝජිතවරයා පවසන්නේ ඛෂොගිගේ මරණය, යේමනයේ යුද්ධයේ වාරණය සඳහා ඝාතන උත්ප්‍රේරකයක් වූ බවයි.

ඔහු පවසන්නේ කෙසේ වෙතත් යේමනයේ මන්දපෝෂණය සහ කුසගින්න සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බවය.

කෙසේ වෙතත් මෙවැනි අමාල් ලා දහස් ගණනික් යේමනයේ පමණක් නොව ලෝකය පුරාම බිහි වෙමින් පවතී සුදහ ගින්දරේ ඔවුන් මරණයට ලං වෙමින් සිටිති… ගහ කොළ නැති ලොව ක ඔවුන් අතරමං වී සිටිති. ආත්මාර්ථ කාරී දේශපාලන න්‍යාය පත්‍රවලට මැදි වූ මේ අහිසකයින්ට අනාගතයක් නම් කෙසේ වත් නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි