×

සැප්තැම්බර් 07 එළිදැක්වීමට නියමිත iPhone 14 මාදිලිය!

2022 වර්ෂයේ නිකුත් වීමට නියමිත iPhone 14 ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.


2022 වර්ෂයේ නිකුත් වීමට නියමිත iPhone 14 ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

Apple සමාගම විසින් ඔවුන්ගේ මීලග Apple Event එක එළඹෙන සැප්තැම්බර් 07 වෙන දින පැවැත්වීමට නියමිත අතර මෙහිදී ඇපල් වෙතින් ප්‍රධාන වශයෙන් නව iPhone Series එක වන iPhone 14 Series එක සහ නව Apple Watch Series එක වන Watch Series 8 එළිදැක්විමට නියමිතව තිබේ.

Apple සමාගම විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන ‘Apple Keynote Event’ යනු ඔවුන් විසින් පවත්වනු ලබන අතිශය ජනප්‍රිය මෙන්ම වැදගත් Event එකක් ලෙස හදුන්වා දිය හැකියි. සුපුරුදු පරිදි 2022 වසරේදීත් Apple සමාගම විසින් සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන Apple Keynote Event එකේදී ඔවුන්ගේ නව iPhone Series එක සහ නව Apple Watch Series එක එළිදැක්විම සාමාන්‍යයෙන් සිදු කෙරෙයි.

iPhone 14 Series එක ඩොලර් 799ක ආරම්භ මිලකින් යුතුව වෙළෙඳපොළට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඒ අනුව මෙම ලිපියෙන් අප විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මෙම iPhone 14 Series එකෙන් එළිදැක්වෙන ජංගම දුරකතන පිළිබදව කතා කිරීමටයි.

දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව නව iPhone 14 සහ iPhone 14 Pro Versionවලට අමතරව නව iPhone 14 Plus හෝ Max Version එකකුත් මෙහිදි එළිදැක්වීමට නියමිත ය. නව Design එකකින් යුතුව, වැඩිදියුණු කළ Processor එකකින් සහ වැඩිදියුණු කළ Camera පද්ධතියක් මේ Series එක ඔස්සේ බලාපොරොත්තු විය හැකි බවයි තාක්ෂණ ලෝකයේ ප්‍රමුඛයන් සඳහන් කරන්නෙ.

පහතින් දැක්වෙන්නේ එම එක් එක් කොටස් පිළිබදව ව්‍යාප්ත වෙමින් පවතින වාර්තාවන් ය.

Hardware model(පිටත ස්කැස්ම) – iPhone 14 Series ට අයත් ජංගම දුරකතන සමූහයත් පසුගිය වසර නිකුත් වු iPhone 13 Series හී model එක ආකාරයේම ‘Flat Edged Design’ එකකින් යුතු වනු ඇති අතර සමහර විට Apple සමාගම විසින් මෙවර ‘Thicker Chassis’ එකක් මේ Series එක සදහා ලබා දෙනු ඇතැයි ද ආරංචි මාරග සඳහන් කරයි. එමෙන් ම මෙය High-end Titanium Alloy Chassis Design එකක්විය හැකි බවටත් තොරතුරැ වාර්තා වේ.

Display (ප්‍රදර්ශකය) – පසුගිය අවුරුදු කිහිපය තුළ එළිදැක්වුණු Apple ජංගම දුරකතන වල(iPhone X series, iPhone 11 series, iPhone 12 series, iPhone 13 series) තිබූ සුපුරුදු Notch එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නෙ. ඒ අනුව මේ Series 14 හී Pro Models සදහා මෙලෙස Notch එක ඉවත් කර ඒ වෙනුවට Hole Punch හෝ Pill Shaped Cutout Design එකකින් යුතු Display එකක් ලබා දිය හැකි බවට තොරතුරු වාර්තා වේ.

Camera පද්ධතිය – iPhone 13 Series එකට සාපේක්ෂව මෙවර iPhone 14 Series එකේ Pro Modelsවල පමණක් කැපි පෙනෙන ලෙස වැඩි දියුණු වු Camera Setup එකක් බලාපොරොත්තු විය හැකි බවයි තාක්ෂණ උපාංග පිළිබදව උද්‍යෝගීමත් පිරිස් සඳහන් කරන්නෙ. ඒ අනුව Pro Models සදහා Sony-crafted 48-megapixel Wide camera එකක් සහ Improved Six Element Ultra Wide Lens Camera එකක් ( Improved ƒ/1.8 aperture ) ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. Standard iPhone 14 Models සදහා iPhone 13 Series හී භාවිත වු 12 Megapixel Camera Lens එකම යොදා ගනු ඇත.

Processor – iPhone 14 Pro Models සදහා පමණක් Apple සමාගමේ නවතම A16 Bionic Chip එක භාවිත වනු ඇති අතර Standard iPhone 14 Models සදහා iPhone 13 Series එකේදී භාවිත වු A15 Bionic Chip එක යොදා ගනු ඇත.

RAM – iPhone 14 Series එක සදහා 6GB RAM එකක් ද ලබා දෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Storage – iPhone 13 Pro Models සදහා 1TB Storage Option එක හදුන්වා දුන් අතර මෙවර iPhone 14 Series එක සමග 2TB දක්වා වු Storage Option එකක් හදුන්වා දීමට කටයුතු කරනු ඇතැයි තොරතුරු වාර්තා වේ.

මෙම ප්‍රධාන features වලට අමතරව Satellite Connectivity(වේගවත් සන්නිවේදනය සඳහා), Car Crash Detection (රිය අනතුරු අවස්ථාවලදී අවශ්‍ය සහාය ලබා ගැනීමට)

iPhone 14 Series එකට අමතරව සැප්තැම්බර් 07 වනදින පැවැත්වෙන Apple Keynote Event එකේදී Apple Watch Series 8, AirPods Pro 2, Apple Mixed Reality Headset හා iOS 16, iPadOS 16, macOS 13 Ventura, watchOS 9 & tvOS 16 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නෙ.

Source – The Verge



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි