×

සැබෑ ලෝකයේ ‘බාබි ඩෝල්’

බාබි බෝනික්කිය මේ කරන්නේ කුමක්ද? ඇය උමතු වෙන්ද? එසේත් නැතිනම් ඇය තමන්ට ම රැවටුණු තැනැත්ති යක්ද?


යුක්රේනයේ වැලෙරියා ලුකියනෝවා. සැබෑ ලෝකයේ බාබි බෝනික්කිය ඇය බව ලොවම දනියි. නමුත් ලොව නොදන්නේ ඇගේ සත්‍ය කතාවයි. ඈ සැබවින්ම තමන්ගේම මායාවී ලෝකයක සිරකාරියක්ද..? නැතිනම් තමන්ගේම වූ අධ්‍යාත්මික ගමනක නියැළෙන්නියක්ද? මෙයට වසරකට පමණ පෙර වැලෙරි යාගේ ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය හරහා උන්මාදයෙන් මෙන්ජ නප්‍රිය වන විට ඇය සත්‍ය කෙල්ලක් යැයි අති බහුතරය සි තුවේ නැත. බාබි බෝනික්කියකට හැම අතින්ම සමාන නේක පැහැ ඇහි බැම, අසාමාන්‍ය ලෙස සිහින් දිගු ගෙළ, විශාල ළැම සහ අතිශය සි හින් ඉඟ සහි ත ඇගේ සුන්දර රුව ෆොටෝෂොප් තාක්ෂණයේ මහිමයකැයි සි තුවෝ බොහෝ ය. එය එසේ නොවන බව සජීවි අන්තර්ජාල කතාබහ සහ යූ ටියුබ් වීඩියෝ මගින් දැක්වෙන විට ඉන්පසු කියැවුණේ ඇය මේ පෙනුම ලබාගන්නට ප්ලාස්ටික් සැත්කම් දුසිම් දෙකකටවත් අඩුම ගණනේ මුහුණ දෙන්නට ඇති බවයි. ඒ කතාවල ඇත් ත නැත්ත කුමක් වුවත් මේ වන විට හෙළිවී තිබෙන්නේ රුසියානු අන්තර්ජාලයේ ජනප්‍රියම කෙල්ල, අසාමාන්‍ය දෑ සි තන පතන-අසාමාන්‍ය ලොවක දිවිගෙවන අයෙකු බවයි. ‘ස්පේස් බාබි’ යනුවෙන් ඈ හඳුන්වන්න. එයට ඈ වඩා කැමති ය.

මේ ලෝකය වෙනුවෙන් ඇයට දැක්මක් ඇති අතර මේ ජීවිතය ඇය යෙදවීමට බලාපොරොත්තු වන්නේ එම දැක්ම වෙනුවෙනි. දැන් ඇගේ ජීවිතය ඒ ව්‍යාපෘති යයි. ඇය ලි ස්සනසු ලු සර්පයන් සියොළඟ ඔතාගෙන, අනාගත වක්තෘවරයෙකු මෙන් දිගු යටි රැවුලක් නිකටේ අළවාගෙන සි ය අලුත්ම ස්වරූපයෙන් අප හමුවට එන්නීය. ඉන්පසු ඈ පවසන්නේ මෙබඳු දෑ ය. “සුබපැතුම්, මිහිතලයේ වසන ජනතාවනි, මගේ නම අමත්තු යා… තපිල්සින්.. පකාල් වොතාන්..විරාකෝචා..තාරා.. නවීජියා…” මේ නම් ඇගේ පෙර ආත්මනයන් වන අතර ඒවායින් සමහරක් පිරිමි නම් ද වේ. ඉන්පසු ඇය කියන්නේ තමන් ‘මනුෂ්‍ය පාරිභෝගිකයාගේ’ භූමිකාවෙන් මිදී දේව තලයකට පැමින සිටින බවයි. “මා යනු සි යල්ලයි.. සියල් ල යනු ආදරයයි… ආදරය යනු දෙවියන් වහන්සේ ය… මා ඔබයි… ඔබ සහ මමයි..”

 වැලෙරියා සිතන්නේ ඉන්කා-මායාවරුන් සමග තමන් ට සබඳතාවක් තිබූ බවයි. ඇය පේරු දේශයේ මාචුපීචු, සි ය දෙවන නගරය ලෙස සලකයි. මායාවරුන් ඇයව හඳුනාගෙන සාදරයෙන් පිළි ගත් බව ද ඇය කියන්නීය. තමන් පෙර ආත්මවලින් බහු තරයක පිරිමි ආත්මයන් ලබාසිටි බව කියන ඈ, ඒ අතරින් එක් ආත්මයකදී සිය ශිෂ්‍යයන් අබියසදීම ජීවිත පූජාවක යෙදුණු බව ද කියයි.

 තමන් ඇස්ට්‍ර ල් හෙවත් තාරුකාමය හෝ මනෝ ලෝකයක් සමග සබඳතා පවත්වන්නියක බව බාබි කියන්නීය. ‘මා වීනස් ග්‍රහලොවේ ජීවත් වී ති බෙනවා. ඊට පෙර ජීවත් වූ ග්‍රහලෝක හෝ පෙර ජීවිත මගේ මතකයට එන්නේ නැහැ.’ වැලෙරි යා පවසන්නේ වයස අවුරුදු 12-13 සමයේදී තමන්ට අමුතු ශබ්ද සහ අමුතු රූප දිස්වන්නට පටන් ගත් බවයි. ඈ නින්දේදී බියවීම වළක්වාගැනීම සඳහා ඇගේ මවට හුණු වට රවුමක් සයනය වටා ඇඳ තබන්නට සිදුවිය. “දැන් කිසිම කෙනෙකුට මේ ඉර පැනලා ඔයා ළඟට එන්න බෑ..” යැයි කියමින් ඇගේ මව ඇයව අස්වසන්නට පුරුදු ව සිටියාය. නමුත් රාත්‍රී කාලයේදී යම්කිසි සර්පිලාකාර ශක්ති ප්‍රභේදයක් පැමිණ වැලෙරියාව වටකරගත් අතර ක්‍රමයෙන් ඇය චිත්ත බලයෙන් එයපාලනය කිරීමට උගත් බව කියන්නීය.

“මම සර්පිලය අනෙක් පැත් තට හරවලා යැව්වා. ඒ මොහොතේ පටන් මම මගේ ඉරණමේ ස්වාමියා බවට පත්වුණා” යැයි ඇය අචල හඬින් කියන්නීය. වැලෙරියා අද වන විට යුක්රේනයේ අධ්‍යාත්මික බලවේගයන් ගැන සහ නොදුටු ලොව ගැන දේශන පවත්වන්නියක බවට පත්ව සි ටියි. ඇයට අනුගාමිකයෝ පවා සිටිති. මේ සියල් ල අතරේ ඇය බාබි රූපයක් පටලවාගත්තේ ඇයි? සි ය දවසෙන් වැඩි කොටස, බාබි බෝනික්කියගේ ප්‍රතිරූපය පවත්වාගෙන යාම සඳහා වැලෙරියා වෙහෙසෙන්නීය. රූප ලාවන්‍ය වෙනුවෙන් ඇය දිනකට පැය කිහිපයක් අනිවාර්යයෙන් වෙන් කරන්නීය. ඇඳුම් පැළඳුම් සඳහා ද එසේම ය. බාබි වීඩියෝ නිෂ්පාදනයද ඇගේ ජීවිතයේ ප්‍රමුඛතම දෙයකි. ඇය පවසන්නේ තමන් ට බාබී බෝනික්කකියට සමාන රුවක් උපතින් ලැබී ඇති බවයි. තවමත් වයස අවුරුදු 21 ක් පමණක් වන හෙයින් ඇය මේ රුව ප්ලාස්ටික් සැත්කම් මගින් ලබාගත් තා විය නොහැකි බව බටහි ර වෛද්‍යවරු ද කියති. ඇයට අනුව බාබී රුව ඈ ප්‍රසිද්ධ වීම සඳහා යොදාගත් ප්‍රචාරණ උපක්‍රමයයි. “මිනිස්සු, විශේෂයෙන්ම තරුණයන් මගෙ රූපයට ඉතාම කැමතියි. මම මුලින් ප්‍රසිද්ධ වෙලා මගෙ ප්‍රතිරූපය හදාගත්තා. මගේ රූපය පරිපූර්ණ බව මට ලැබුණු ලොකුම වාසියයි. දැන් මගෙ පනිවුඩය ඔවුන් අතරට ගෙනියන්න ලේසියි.” “අපේ අක්කට පිස්සු නෑ..” වැලෙරියාගේ ලොකුම සහායිකාව ඇගේ සහෝදරියයි. ඇයටද උපතින් ලැබුණු බාබි පෙනුමක් යම් තාක් දුරකට ඇත. “ඇය උපතින්ම ලස්සනයි. බෝනික්කියක් වගේ.

ඊට අමතරව ඇය විශේෂ කෙනෙක්. ඇයට අධ්‍යාත් මික බලයක් තිබෙනවා.” යැයි බාබිගේ සොයුරිය කියන්නීය. වැලෙරියාට සමීපතම මිතුරි යන් කිහිප දෙනෙක් වෙති. ඩොමිනිකා නමැති ඔවුන්ගෙන් එක් තැනැත් තියක් තමන්ව හඳුන්වා දෙන්නේ වැලෙරි යාගේ අධ්‍යාත්මික සහකාරිය ලෙස ය. ඔවුහු එක්ව පුද පූජාවල යෙදෙති. ඒවා බොහෝ දුරට, සඳ නැග එනවිට ඉටිපන්දම් දල්වමින් සිදුකරන ආගමික මෙහෙයන් ය. ‘දැන් අපි පුරාණ ලෙමු රියානු මන්ත්‍ර යක් කියමු. එය ඩීඑන්ඒ අණු සමග සබඳතා පවත්වනවා.’ යැයි ඇය ඒවා අරඹමින් කියන්නීය. වැලෙරියා සිතන්නේ ඉන්කා-මායාවරුන් සමග තමන් ට සබඳතාවක් තිබූ බවයි. ඇය පේරු දේශයේ මාචුපීචු, සි ය දෙවන නගරය ලෙස සලකයි. මායාවරුන් ඇයව හඳුනාගෙන සාදරයෙන් පිළි ගත් බව ද ඇය කියන්නීය. තමන් පෙර ආත්මවලින් බහු තරයක පිරිමි ආත්මයන් ලබාසිටි බව කියන ඈ, ඒ අතරින් එක් ආත්මයකදී සිය ශිෂ්‍යයන් අබියසදීම ජීවිත පූජාවක යෙදුණු බව ද කියයි. යුක්රේනයේ ප්‍රධාන මාධ්‍යයෙන්ගෙන් පවා වැලෙරියාට ලැබෙන්නේ සෘණාත්මක ප්‍රතිචාරයන් ය.

රියැලිටි සහ ටෝක් ෂෝ වැඩසහටන්වලදී නිවේදකයෝ ද වැඩසහටන් මෙහෙයවන්නෝ ද ඇයව සජීවී ව අපහසුතාවවට පත් කරති. “මට කියන්න, ඔබ අද වැඩසටහනට එන්න ඕනෙ නිසා ඊයෙ රෑ කීයටද මේකප් කරන්න පටන් ගත් තෙ..?’ ‘ඔබ අන්තිමට කවදද ඔබේ ඇස්ට්‍ර ල් මනෝවිකාරය ගැන කියන්න මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගියෙ?”ඒවායේදී ඇයට එල්ලවන ප්‍රශ්න එබඳු ය. එනිසා ම වැලෙරියා දැන් ඇගේ ම මාධ්‍යයක් ලෙස යූ ටියුබ් සහ ෆේස් බුක් භාවිතා කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වර්ජනය කරයි. සැබවින්ම බාබි බෝනික්කිය මේ කරන්නේ කුමක්ද? ඇය උමතු වෙන්ද? එසේත් නැතිනම් ඇය තමන්ට ම රැවටුණු තැනැත්ති යක්ද? මේ පැනයන්ට පිළිතුරු ඇය පවා දන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි