×

සැමන් සහ පරිප්පු වෙනුවට ඇමරිකානුවන්ගේ අතටම කෑෂ් චෙක්! – ඩොලර් බිලියන 250 ක් රටවැසියන් අතර බෙදා දෙයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ රටවැසියන්ගේ ආර්ථිකයට විය හැකි හානිය අවම කරගැනීම සඳහා කැනේඩියානු අගමැතිවරයා විසින් හඳුන්වා දී ඇති සහන පැකේජය ගැන අප පළ කළේ ඊයේ (17) දිනයේ ය.


අද වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය රට වැසියන් වෙනුවෙන් සෘජු මුදල් ආධාර ලබාදෙන ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් ඉදිරි සති 2 ඇතුළත රටවැසියන් අතර බෙදා දීමට නියමිත ය.

ධවල මන්දිරය සහ කොංග්‍රසය අතර ඒ පිළිබඳ අදාළ සාකච්ඡා සාර්ථක ලෙස සිදු කෙරිණ.

‘ඩිරෙක්ට් කෑෂ් චෙක්‘ හෙවත් අතටම මුදල් ලැබෙන පරිදි මෙම නව ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ යටතේ එක් ඇමරිකානු පුරවැසියෙකුට කොතරම් මුදලක් ලැබෙනු ඇත්දැයි ඉදිරියේදී දැනගැනීමට හැකි වනු ඇත.

‘‘අපි ඇමරිකානුවන්ට වහාම චෙක්පත් ලැබෙන්නට සලස්වනවා..‘‘ යැයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් ප්‍රකාශ කරයි.

ඇමරිකාවේ කෙරෝනා රෝගීන් ගණන මේ වනවිට 6000 දක්වා ඉහළ ගොස් ඇති අතර, පාසල් සහ කඩසාප්පු ද මහා පරිමාණයෙන් වසා දමා තිබේ.

මේ තත්වය යටතේ ඇමරිකානුවන්ගේ දෛනික ජීවන රටාවට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙන්ම ප්‍රධාන පෙළේ ආර්ථික විශේෂඥයන් ද ජනතාව අතට මේ මොහොතේ මුදල් අවශ්‍ය බව අවධාරණය කර තිබිණි. හාවඩ් සරසවියේ ආර්ථික විශේෂඥ ජේසන් ෆර්මන් ඒ අතරින් කෙනෙකි. හිටපු ජනාධිපති බරාක් ඔබාමා සඳහා ආර්ථික විශේෂඥයෙකු ලෙස ද කටයුතු කළ ජේසන් බීබීසී පුවත් සේවය සමග මෙසේ පවසයි.

‘‘මෙමගින් මිනිසුන්ට වැඩට යාමට උවමනා වුණත් වැඩට නොයා කරදරයක් නැතිව ජීවත් වන්නට ඉඩ කඩ ලැබෙනවා. එයින් ගෙවල් කුලී ගෙවීම වැනි ගැටළු විසඳෙනවා… නිවසින් පිටතට නොගියත් මුදල් වැය කළ යුතු දේවල් බොහොමයක් තිබෙනවා..‘‘

‘‘මේ නොපෙනෙන සතුරා සමග සටන් වැද සිටින අපේ ජනතාවට තමන්ගේ රැකියා අහිමි වීමත්, ජීවත් වන්නට මුදල් නැති වීමත් සිදුවනවා දකින්නට අපි කැමති නැහැ..‘‘ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනතාවට සහන සලසන්නට මුදල් සොයාගන්නා හැටි

මේ අතර, ඇමරිකානු මහ බැංකුව ලෙස සැලකෙන ෆෙඩරල් රිසර්ව් බැංකුව ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ සමාගම්වලින් ඩොලර් ට්‍රිලියන 1 ක කෙටි කාලීන ව්‍යාපාරික ණයක් සෘජුව ලබා ගන්නට ය. මෙමගින් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කරන මුදල් අඩුපාඩුවක් නොමැතිව ලබාගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා හදිසි තත්වයන් යටතේ ක්‍රියාත්මක කළ හැකි නීති රීති යොදාගැනීමට ද නියමිත ය. මෙමගින් 2008 වසරේදී ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව විසින් සක්‍රියකර ගත් අරමුදල නැවත පණ ගැන්වෙනවා ඇත.

මේ අතර, එක් රැයක් තුළදී ඩොලර් බිලියනන 500 ක් බැංකු වෙත ලබාදීමට ද එය කටයුතු සූදානම් කරමින් සිටියි.

ලංකාවට ඇමරිකානු ආර්ථික ශක්තියෙන් 0.1%කවත් ශක්තියක් නැති බව සැබෑවකි. නමුත් මුදලේ අගය ගැන මොහොතකට අමතක කරන්න. අඩුම ගණනේ මේ අසීරු අවස්ථාවේ සාමාන්‍ය පුරවැසියාගේ අතට කීයක් හරි ලබාදීමට තරම් ජනතාවාදී නායකත්වයක් මේ මොහොතේ ට්‍රම්ප්ට පවා තිබේ.

පෙර ලිපිය

ගෙවල් කුලී ගැන – ආහාර පානවලට යන මුදල් ගැන වද වෙන්න එපා… අපි ඔබව බලා ගන්නවා…! – ලංකාවෙ නෙවෙයි කැනඩාවේ කැනඩාවේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි