×

සිංගප්පූරු “ස්කූට්” ගුවන්යානයක් ඉන්දියාවේ චෙන්නායි නගරයේ හදිසි ගොඩ බැස්සවීමක!

මඟින් 170 දෙනෙකු රැගත් සිංගප්පූරු “ස්කූට්” ගුවන්සේවා SCO 567 අංක දරණ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවේ චෙන්නායි නගරය වෙත ගොඩ බස්සවා තිබේ. තමිල්නාඩුහි ට්‍රයිචී ගුවන් තොටුපලේ සිට පෙරවරු 1.30 ට පිටත් වූ මෙම යානය සිංගප්පූරුව කරා පියාසර කරමින් සිටීය. කෙසේවෙතත්, සඳුදා (20) දින ෆ්ලයිස්කූට් ගුවන් යානයේ නියමුවන් හට යානයේ ගමන් මළු ගබඩා කර ඇති කලාපය තුළ […]


මඟින් 170 දෙනෙකු රැගත් සිංගප්පූරු “ස්කූට්” ගුවන්සේවා SCO 567 අංක දරණ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවේ චෙන්නායි නගරය වෙත ගොඩ බස්සවා තිබේ.

තමිල්නාඩුහි ට්‍රයිචී ගුවන් තොටුපලේ සිට පෙරවරු 1.30 ට පිටත් වූ මෙම යානය සිංගප්පූරුව කරා පියාසර කරමින් සිටීය.

කෙසේවෙතත්, සඳුදා (20) දින ෆ්ලයිස්කූට් ගුවන් යානයේ නියමුවන් හට යානයේ ගමන් මළු ගබඩා කර ඇති කලාපය තුළ දුමාරයක් හට ගත්තේ යැයි ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමක් සිදුවී ඇත. පෙරවරු 8.30 ට සිංගප්පූරුව තුළ ගොඩ බැස්සවීමට සැලසුම් කර තිබූ ගුවන් යානය මෙම හේතුව නිසාවෙන් චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් සිදුකොට තිබේ.


සිංග්ප්පූරු ගුවන් සේවය සතු ෆ්ලයිස්කූට් ගුවන් සමාගම, සිංගප්පූරුවේ සිට චීනය හා ඉන්දියාව දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

සඳුදා දින පෙරවරු 3.41 වන විට ගිනිනිවන භටයින් 60 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් චෙන්නායි ගුවන් තොටුපළ වෙත පැමිණීය. පෙරවරු 4.50 වන විට සියළු මඟින් ආරක්ෂිතව ගුවන් යානයෙන් බසවා ඉවත් කරන ලදී. වාර්තා වන අන්දමට, මඟින් ගේ පහසුව සඳහා හෝටල් පහසුකම් ලබා දී ඇති අතර, ඔවුනට සිංගප්පූරුව කරා ගමන් කිරීම සඳහා විකල්ප ගුවන් සේවාවක් සපයා දීමට කටයුතු සලසා ඇත.

ගුවන් සේවාව පවසන්නේ මූලික පරීක්ෂණ වලින් මෙම අනතුරු ඇඟවීම සාවද්‍ය සංඥාවක් (false alarm) විය හැකි බව අනාවරණය කළ බවයි.

2019 මැයි මස 20 වන දින සිංගප්පූරු ස්කූට් ගුවන් සේවා 567 අංක දරණ ගුවන් යානයක් චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලදී. මෙම යානය දේශීය වේලාවෙන් පෙරවරු 3.41 ට ආරක්ෂිතව චෙන්නායිහි ගොඩ බස්වන ලදී. ගුවන්යානය පරීක්ෂණ සඳහා පදනම් වී ඇති අතර, මූලික පරීක්ෂණ වලදී මෙම අනතුරු ඇඟවීම සාවද්‍ය සංඥාවක් විය හැකි බවට හෙලිවී ඇත. මඟීන් සිංගප්පූරුව කරා ප්‍රවාහනය කිරීමට විකල්ප ගුවන් යානා පහසුකම් සපයන ලදී. අනතුරු ඇඟවීම් මත් ගොඩ බැස්වූ යානය 2019 මැයි මස 20 වන දින දේශීය වේලාවෙන් පස්වරු 3.30 ට චෙන්නායි නගරයෙන් පිටත් වනු  ඇත. මඟීන් සඳහා අවශ්‍ය  හෝටල් නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දී ඇත.

අපගේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව ස්කූට් සේවාවේ ඉහලම ප්‍රමුඛතාවයයි. සිදුවූ අපහසුතාවය වෙනුවෙන් අපි සමාව භජනය කර සිටිමු,”

සිදූවීමෙන් පසුව ස්කූට් ගුවන් සේවාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ එවැන්නකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි